Sunday, May 11, 2025
Home » තුන්වැනි විත්ති­ක­රුට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු යටතේ වරෙන්තු
මන්ත්‍රි අම­ර­කීර්ති අතු­කෝ­රල ඝාත­නය:

තුන්වැනි විත්ති­ක­රුට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු යටතේ වරෙන්තු

by damith
March 23, 2024 1:02 am 0 comment

ගම්පහ අධි­ක­රණ වාර්තා­කරු

පාර්ලි­මේන්තු මන්ත්‍රි අම­ර­වීර අතු­කෝ­රල මහතා ඇතුළු ත්‍රිපු­ද්ගල ඝාතන නඩුවේ තුන්වැනි විත්ති­කරු නඩු විභා­ගය පැවැති ඊයේ (22) ඒ සඳහා පෙනී නොසි­ටීමේ හේතු­වෙන් ඔහුට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු යටතේ වරෙන්තු කැඳ­වී­මක් කරන ලෙස ගම්පහ මහා­ධි­ක­ර­ණය නියෝග කළේය.

රංජිත් මාපා­බ­ණ්ඩාර මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් රුවන් පති­රණ හා රශ්මි සිංග­ප්පුලි යන මහා­ධි­ක­රණ ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල (22) ඊයේ එම නියෝ­ගය නිකුත් කළේය.

එම තුන්වැනි චූදිත වන ගයාත්‍ර දේශාන් නමැති අය ඊයේ නඩු විභා­ගය ආරම්භ කළ අව­ස්ථා­වේදී දුර­ක­ථන පණි­වි­ඩ­යක් මඟින් ඔහුගේ මිතු­රකු වෙත තමා කඩ­වත ප්‍රදේ­ශ­යේදී පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බවට කළ දැනුම් දීමක් මත විම­ර්ශ­නය කිරී­මෙන් අන­තු­රුව රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ඔස්වෙල් පෙරේරා මහ­තාගේ ඉල්ලී­ම­කට අනුව මහා­ධි­ක­රණ ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල එම නියෝ­ගය නිකුත් කළේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් මහා­ධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­ති­ඥ­ව­රයා පැවැ­සුවේ ඊයේ දින­යේදී මුල් සට­හන් පොත නොමැ­ති­වීම හේතු­වෙන් මෙම නඩු විභා­ගය අද දිනට කල් තැබූ බවත් අද දිනයේ නඩු විභා­ගය ආරම්භ කළ අව­ස්ථා­වේදී තුන්වන චූදිත මේ ආකා­ර­යට අධි­ක­ර­ණය මග­හැ­රීම බල­වත් වර­දක් වන බවත්ය.

මෙය ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ විභාග වන නඩු­වක් ප්‍රදේශ තුනක මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් තමන්ගේ රාජ­කාරි කල් දමා රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීති­ඥ­ව­රුන් රජයේ නිල­ධා­රීන් ඒ වගේම විත්තියේ නීති­ඥ­ව­රුන් ඇතුළු විශාල පිරි­සක් තම සියලු රාජ­කාරි කට­යුතු කල් දමා මෙම නඩු විභා­ග­යට සහ­භාගි වෙනවා.මේ ආකා­ර­යට සිදු­ක­රන මෙවැනි නඩු විභා­ග­යක් හමුවේ පෙනී නොසි­ටීම බල­වත් වර­දක්. ඒ වගේම කාලය විනාශ කිරී­මක් හා බල­වත් පාඩු­වක්.මේ ක්‍රියාව හේතු­ක­ර­ගෙන තුන්වැනි විත්ති­කරු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන නඩු විභා­ගය අව­සන් වන තුරු රිමාන්ඩ් භාර­යට පත් කරන ලෙස ඉල්ලා සිටි­නවා තවද අනෙ­කුත් සැක­ක­රු­වන් ද රිමාන්ඩ් භාර­යට පත් කරන ලෙස ඉල්ලා සිටි­නවා. ඒ ඉදි­රි­යේ­දීත් මෙවැනි ක්‍රියා නිසා අධි­ක­ර­ණයේ නඩු විභාග කට­යුතු තව තවත් කල්දැ­මී­මට සිදු­වන නිසයි.

මෙහිදී විත්ති පාර්ශ්වය වෙනු­වෙන් කරුණු දක්වා සිටි ජනා­ධි­පති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවැ­සුවේ එක් චූදි­ත­ය­ක­ය­කුගේ ක්‍රියා­ක­ලා­පය හේතු කර­ගෙන අනිත් සිය­ලුම දෙනා ගැන එවැනි තීන්දු­වක් ගැනීම අසා­ධා­ර­ණ­යක් වන බවය. චූදි­ත­යන්ට ඇප නියම වන්නේ එක් එක් අයට වෙන් වෙන් වශ­යෙන් බල­පාන පොදු ඇප කොන්දේසි අනු­වයි. තුන්වැනි චූදිත වෙනු­වෙන් ගන්නා ක්‍රියා­මා­ර්ග­යට අපගේ විරු­ද්ධ­ත්ව­යක් නොමැති බව පැවැසූ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අනෙ­කුත් චූදි­ත­යින් හට එම ක්‍රියා­මා­ර්ගය නොගන්නා ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කර සිටි­යේය.

ඒ අනුව මහා­ධි­ක­රණ ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල තුන්වැනි චූදිත නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙ­කුගේ මාර්ග­යෙන් වරෙන්තු ක්‍රියා­ත්මක කොට අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කළහ. රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සමග රජයේ අධි­නී­තිඥ කේ. අල්විස්, සුපේ­සලා තිල­ක­ව­ර්ධන මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT