විදේශගතව සිටිමින් කොලොන්නාව හා වැල්ලම්පිටිය ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවන පාතාල කල්ලි ප්‍රබලයන් දෙදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින තරුණියන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාව සංහිඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
අවුරුදු 19 සහ 21 වයස්වල පසුවන මෙම තරුණියන් දෙදෙනා මීට මාස දෙකකට පෙරද කේරළ ගංජා තොගයක් සමඟ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඩ නියම වී සිටින දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.
මින් 19 හැවිරිදි තරුණිය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 520ක් ද, 21 හැවිරිදි තරුණිය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 90ක් ද තිබී සොයා ගැනීමට හැකි වී තිබේ.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38723) රංජිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී මෙම තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන්ගේ බැංකු ගිණුම්වලට ලැබෙන මුදල් මෙම ජාලයේ තවත් දෙදෙනකුට ලබා දෙන අතර ඔවුන් විසින් ඒවා උණ්ඩියල් ක්‍රමයෙන් විදේශගත ප්‍රධානියන් දෙදෙනා වෙත ලබා දෙන බව පොලිසිය පවසයි. පසුගිය 20 දා අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් දෙදෙනා අලුත්කඩේ අංක 04 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජනක කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ඒකක 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දසනායක පො.සැ (38723) රංජිත්, පො.කො. (83774) සුධීර, (88721) යාපා, (104619) කිත්සිරි, (81279) ජයතුංග යන නිලධාරින් විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකර තිබේ.