Sunday, May 11, 2025
Home » අයිස් බෙදන තරු­ණියන් දෙදෙනකුට වැඩ වරදී

අයිස් බෙදන තරු­ණියන් දෙදෙනකුට වැඩ වරදී

කේජී බෙදා කලි­නුත් දඩ කාලා

by damith
March 23, 2024 1:02 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

විදේ­ශ­ග­තව සිටි­මින් කොලො­න්නාව හා වැල්ල­ම්පි­ටිය ප්‍රදේශ ආශ්‍රි­තව මත්ද්‍රව්‍ය ජාවා­රම හා සංවි­ධා­නා­ත්මක අප­රාධ මෙහෙ­ය­වන පාතාල කල්ලි ප්‍රබ­ල­යන් දෙදෙ­නෙ­කුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදා­හ­රින තරු­ණි­යන් දෙදෙ­නකු අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ කොළො­න්නාව සංහිඳ සෙවණ මහල් නිවාස සංකී­ර්ණ­යේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සය පව­සයි.

අවු­රුදු 19 සහ 21 වය­ස්වල පසු­වන මෙම තරු­ණි­යන් දෙදෙනා මීට මාස දෙක­කට පෙරද කේරළ ගංජා තොග­යක් සමඟ බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර දඩ නියම වී සිටින දෙදෙ­නෙකු බවද පොලි­සිය පව­සයි.

මින් 19 හැවි­රිදි තරු­ණිය සන්ත­කයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි­ග්‍රෑම් 520ක් ද, 21 හැවි­රිදි තරු­ණිය සන්ත­කයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි­ග්‍රෑම් 90ක් ද තිබී සොයා ගැනී­මට හැකි වී තිබේ.

බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් සැර­යන් (38723) රංජිත් නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව සිදු­කළ වැට­ලී­මේදී මෙම තරු­ණි­යන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මොවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට ලැබෙන මුදල් මෙම ජාලයේ තවත් දෙදෙ­න­කුට ලබා දෙන අතර ඔවුන් විසින් ඒවා උණ්ඩි­යල් ක්‍රම­යෙන් විදේ­ශ­ගත ප්‍රධා­නි­යන් දෙදෙනා වෙත ලබා දෙන බව පොලි­සිය පව­සයි. පසු­ගිය 20 දා අත්අ­ඩං­ගු­වට ගත් මෙම සැක­කා­රි­යන් දෙදෙනා අලු­ත්කඩේ අංක 04 අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව රැඳ­වුම් නියෝග මත බස්නා­හිර දකුණු අප­රාධ කොට්ඨා­සයේ රඳවා ගෙන විම­ර්ශන සිදු කරන බව පොලි­සිය පව­සයි.

බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂක ජනක කුමාර මහ­තාගේ නියෝග පරිදි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුමිත් ජය­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ඒකක 02 ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක දස­නා­යක පො.සැ (38723) රංජිත්, පො.කො. (83774) සුධීර, (88721) යාපා, (104619) කිත්සිරි, (81279) ජය­තුංග යන නිල­ධා­රින් විසින් මේ පිළි­බඳ විම­ර්ශන සිදු­කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT