Thursday, May 15, 2025
Home » රෑ කඩේ හිමි­කා­රිය තේ හදද්දී රහස්පෙදෙස ඡායා­රූප අරන්

රෑ කඩේ හිමි­කා­රිය තේ හදද්දී රහස්පෙදෙස ඡායා­රූප අරන්

by damith
March 23, 2024 1:02 am 0 comment

වේය­න්ගොඩ විශේෂ

රාත්‍රී ආපන ශාලා­වක තේ පානය කිරී­මට ගොස් කඩ හිමි කතගේ දෙපා මැදින් ජංගම දුර­ක­ත­න­යක් තබා ජායා­රූප ගත් බව කියන සැක­ක­රු­වකු අප්‍රේල් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (21) පස්ව­රුවේ නියෝග කළේය.

චමින්ද නිරෝ­ෂණ නමැ­ත්තෙකු එසේ රිමාන්ඩ් ‍ෙකරිණි.

නිට්ට­ඹුව පොලිස් වසමේ පවත්වා ගෙන යන රාත්‍රී ආපන ශාලා­වක තේ පානය කිරීම සඳහා ගොස් මුද­ලාලි නෝනා තේ පිළි­යෙල කරන අව­ස්ථාවේ ඇය හැඳ සිටි ඇඳුම යටින් ජංගම දුර­ක­ත­න­යක් උප­යෝගී කර ගෙන රහස් පෙදෙස ජායා­රූප ගෙන ඇති බව කියන සිද්ධි­යක් සම්බ­න්ධව නිට්ට­ඹුව පොලි­සිය පරී­ක්ෂණ පවත්වා සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

නිට්ට­ඹුව පොලි­සියේ පොලිස් සැර­යන් සම­න්ති­ලක (32478) මහතා කරුණු දක්ව­මින් ඇගේ රහස් පෙදෙස ජායා­රූප ගෙන ඇති බව පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇතැයි කියා සිටි­යේය.

පොලි­සියේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව එසේ සැක­කරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට නියෝග ‍ෙකරිණි. නැවත කැඳ­වීම අප්‍රේල් මස 03 වැනි­දාට කල් තැබිණ. නිට්ට­ඹුව පොලි­සියේ පොලිස් සැර­යන් සම­න්ති­ලක (32478) මහතා පැමි­ණිල්ල මෙහෙය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT