Home » කීරි වී ලොරි­යක් සොරාගත් සැක­ක­රු­වකු පොලි­සියේදී උඩු මහ­ලෙන් බිමට පැනලා

කීරි වී ලොරි­යක් සොරාගත් සැක­ක­රු­වකු පොලි­සියේදී උඩු මහ­ලෙන් බිමට පැනලා

by damith
March 23, 2024 1:02 am 0 comment

සිරිපුර - මධුෂානි අබේසිංහ

පොලො­න්න­රුව වැලි­කන්ද සිංහ­පුර ප්‍රදේ­ශ­යේදී රුපි­යල් ලක්ෂ පහ­ළො­වක් පමණ වටිනා කීරි සම්බා පැටවූ ලොරි­යක් සොරා­ගත් බවට අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­ක­රු­වකු පොලි­සියේ උඩු මහ­ලෙන් බිමට පැන බර­ප­තළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර ඔවුන් දෙදෙ­නා­ගෙන් එක් සැක­ක­රු­වකු ප්‍රශ්න කිරී­මට වැලි­කන්ද පොලි­සියේ උඩු­ම­හලේ දේශන ශාලා­වට රැගෙන යමින් සිටි­යදී මෙසේ බිමට පැන පලා යෑමට උත්සාහ කර ඇති බව පැවසේ.

සැක­කරු ඉකුත් 21 වැනිදා සවස උඩු­ම­හ­ලෙන් බිමට පැන බර­ප­තළ තුවාල ලැබී­මෙන් පසු පොලො­න්න­රුව මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව වැලි­කන්ද පොලි­සිය කියයි.

වැලි­කන්ද සිංහ ප්‍රදේ­ශයේ වී මෝල­කට කීරි සම්බා අලෙවි කර­ගැ­නී­මට ගිය ලොරියේ රියැ­දුරු එදින වී ලබා­දී­මට නොහැකි වීම හේතු­වෙන් වී ලොරිය එම ස්ථානයේ නවතා ගිය විටදී එම කීරි සම්බා ලොරිය මෙම සැක­ක­රු­වන් දෙදෙනා විසින් රැගෙන ගොස් කීරි සම්බා කිලෝ 9100 කිසි­යම් ස්ථාන­ය­කට බා ගැනී­මෙන් අන­තු­රුව එම ලොරිය අර­ල­ගං­විල හතර කණුව ප්‍රදේ­ශයේ දමා ගොස් තිබිණි.

ලොරිය හා වී තොගය සොර­කම් කර­ගෙන ගොස් ඇති බවට වී ලොරියේ හිමි­කරු වන අර­ල­ගං­විල රුහු­ණු­ගම, උල්ප­ත්වැව පදිංචි අදාළ ව්‍යාපා­රි­කයා පොලි­සි­යට පැමි­ණිලි කර තිබිණි.

ඒ අනුව වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන්ත රත්නා­යක මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් මේ පිළි­බඳ පරී­ක්ෂණ කර වී ලොරිය සොර­කම් කර­ගෙන ගිය බවට සැක­පිට 20 වැනිදා සවස සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රිය නිශාන් ද සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් වැලි­කන්ද පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන්ත රත්නා­යක මහතා ඇතුළු පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT