Saturday, May 10, 2025
Home » දකුණු කොරි­යා­වට යෑමට මගීන් 217ක් රැගත් ගු වන් යාන­යක් තාක්ෂ­ණික දෝෂ­ය­කින් ප්‍රමා­දයි

දකුණු කොරි­යා­වට යෑමට මගීන් 217ක් රැගත් ගු වන් යාන­යක් තාක්ෂ­ණික දෝෂ­ය­කින් ප්‍රමා­දයි

by damith
March 23, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

දකුණු කොරි­යාවේ ඉන්චි­යොන් වෙත යෑමට සූදා­නම්ව සිටි මගීන් 217ක් රැගත් UL 470 අංක දරන ගුවන් යානය තාක්ෂ­ණික දෝෂ­යක් හේතු­වෙන් නිය­මිත වේලා­වට පිට­ත්වී­මට නොහැකි වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි. ගුවන් යානය ප්‍රමාද වී පිට­ත්වී­මට අව­සර ගැනී­මෙන් පසුව පසු­ගි­යදා (20) උදෑ­සන පෙර­වරු 7.23ට දකුණු කොරි­යාවේ ඉන්චි­යොන් වෙත මගීන් 117ක් සමඟ පිට­ත්විය. කොරි­යාවේ මානව සම්පත් සංව­ර්ධන ආය­ත­නය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් පසු රැකි­යා­ව­ලට දකුණු කොරි­යා­වට යෑමට සිටි ඉතිරි මගීන් 100 දෙනා මේ මස 24දා දකුණු කොරි­යාවේ ඉන්චි­යොන් වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පහ­සු­කම් සලසා තිබේ. සිදු වූ ප්‍රමා­දය හේතු­වෙන් දකුණු කොරි­යාවේ ඔවුන්ගේ රැකි­යා­ව­ලට බල­පෑ­මක් ඇති නොක­රනු ඇතැයි අපේක්ෂා කරයි.

ගුවන් යානය ප්‍රමා­ද­වීම නිසා අප­හ­සු­තා­වට පත් වූ සිය ගුවන් මගීන් වෙත ශ්‍රීලං­කන් ගුවන් සේවය සිය කන­ගා­ටුව පළ කරන අතර නිර­න්ත­ර­යෙන් මගීන්ට සුව පහසු සංචා­රක අත්දැ­කී­මක් ලබා­දී­මට ගුවන් සමා­ගම දැඩි ලෙස කැප වී සිටින බව ද ශ්‍රීලං­කන් ගුවන් සේවය පව­සයි. විදෙස් රැකියා සඳහා පිටත්ව යන මගීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ අග­යක් ගන්නා ගනු­දෙ­නු­ක­රු­වන් වන අතර මෙවැනි සිදු­වීම් නැවත ඇති­වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩි­න­මින් පිය­වර ගනි­මින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT