Saturday, May 10, 2025
Home » වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන ගැන නව යුරෝපා සංගම් රෙගු­ලාසි: කර්මාන්ත පාර්ශ්ව­ක­රු­වන් දැනු­වත් කෙරේ

වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන ගැන නව යුරෝපා සංගම් රෙගු­ලාසි: කර්මාන්ත පාර්ශ්ව­ක­රු­වන් දැනු­වත් කෙරේ

by damith
March 23, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන පිළි­බඳ යුරෝපා සංගම් නව රෙගු­ලාසි (EUDR) පිළි­බ­ඳව ප්‍රධාන කර්මාන්ත පාර්ශ්ව­ක­රු­වන් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අනුව විදේශ ලේකම් අරුණි විජේ­ව­ර්ධන මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ යුරෝපා සංගම් තානා­පති කාර්මන් මොරෙනෝ මහ­ත්මි­යගේ සහ­භා­ගී­ත්ව­යෙන් විදේශ අමා­ත්‍යාං­ශයේ පැවති රැස්වී­මක දී වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන පිළි­බඳ නව යුරෝපා සංගම් රෙගු­ලාසි (EUDR) පිළි­බ­ඳව ප්‍රධාන කර්මාන්ත පාර්ශ්ව­ක­රු­වන් දැනු­ම්වත් කළ බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

යුරෝපා සංග­මයේ පුර­වැ­සි­යන් විසින් පරි­භෝ­ජ­නය කරන කෘෂි­කා­ර්මික නිෂ්පා­දන ගෝලීය වන විනා­ශ­යට හෝ වන විනා­ශ­යට දායක නොවන බව සහ­තික කිරී­මට යුරෝපා සංග­මය 2023 වසරේ ජුනි මාසයේ දී වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන පිළි­බඳ යුරෝපා සංග­මයේ නියා­ම­න­යන් සම්මත කර ඇත. ලී, කොකෝවා, සෝයා, පාම් ඔයිල්, කෝපි, රබර් සහ ඒවායේ ව්‍යුත්පන්න නිෂ්පා­දන වැනි භාණ්ඩ නිෂ්පා­ද­න­යට මේ නියා­ම­නය අදාළ වන අතර විදේශ ලේක­ම්ව­රිය සිය ආර­ම්භක අද­හස් දැක්වීමේ දී රබර් නිෂ්පා­දන අප­න­යන අංශය ඇතුළු තිර­සර කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාව දී ඇති ප්‍රමු­ඛ­තාව පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ අතර අනු­ව­ර්ත­නය සඳහා යුරෝපා සංග­මයේ තාක්ෂ­ණික සහාය ඉල්ලා සිටි­යාය.

බ්‍රසල්ස්හි යුරෝ­පීය කොමි­සමේ පරි­ස­රය සඳහා වූ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා දෙමු­හුන් තොර­තුරු සැසි­වා­ර­යට සහ­භාගී වී තිබෙන අතර ප්‍රධාන කර්මාන්ත සහ රාජ්‍ය නිල­ධා­රීන් සම්බන්ධ වී වන විනා­ශ­යෙන් තොර නිෂ්පා­දන පිළි­බඳ යුරෝපා සංගම් රෙගු­ලාසි (EUDR) සාකච්ඡා කිරීමේ අව­ස්ථා­වට එක්ව තිබේ. යුරෝපා සංග­ම­යට ශ්‍රී ලංකාවේ විශා­ල­තම රබර් ටයර් අප­න­ය­න­කරු වන Michelin Lanka (Pvt) Ltd විසින් ඉදි­රි­පත් කිරී­මක් සිදු කර තිබෙන අතර ඔවුන් නව රෙගු­ලාසි පිළි­බඳ පුළුල් දළ විශ්ලේ­ෂ­ණ­යක් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT