බීමට සුදුසු පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආණමඩුව කිවුල ප්‍රාථමික පාසලට ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීම ඉකුත්දා (19) කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක් (ROTARACT) සමාජය විසින් සිදු කරන ලදි.
කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක් (ROTARACT) සමාජයේ විසින් සංවිධාන කරනු ලබන “අපෙන් ගමට” ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක කෙරිණි.
මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ද ඉතා එලදායි ලෙස නිම කර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන සහාය තවදුරටත් ලබාදීම සිදු කෙරිණි. එමඟින් පාසල් දරුවන්ට සුරක්ෂිත හෙට දිනක් උදාකරදීමට කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක් සමාජයට හැකි වන බව ද සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.