Saturday, May 10, 2025
Home » කොළඹ වරාය සම්මාන රාත්‍රි­යෙන්…

කොළඹ වරාය සම්මාන රාත්‍රි­යෙන්…

by damith
March 23, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

‘කොළඹ වරාය සම්මාන රාත්‍රිය – 2024’ වරාය, නාවික හා ගුව­න්සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් උත්ක­ර්ෂ­වත් ලෙස කොළ­ඹදී පැවැ­ත්විණි.

කොළඹ වරාය සමඟ ගනු­දෙනු කරන නෞකා සමා­ගම් 2023 වර්ෂ­යේදී කොළඹ වරා­යෙහි බහලු මෙහෙ­යුම් වර්ධ­නය සඳහා දක්වන ලද දාය­ක­ත්වය පද­නම් කර ගනි­මින් මේ සම්මාන ප්‍රදා­නය සිදු කෙරිණි.

කොළඹ වරා­යෙහි පර්යන්ත මෙහෙය වන ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය, SAGT සමා­ගම සහ CICT සමා­ගම එක්ව මේ සම්මාන උලෙළ සංවි­ධාන කෙරිණි. දකුණු ආසි­යාවේ කේන්ද්‍රීය වරාය ලෙසත්, ආසි­යාවේ නාවික මධ්‍ය­ස්ථා­න­යක් ලෙසත් කොළඹ වරාය වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ කට­යුතු කරන අතර, ලොව හොඳම 23 වන බහලු මෙහෙ­යුම් වරාය ලෙස ද ඇල්ෆා­ල­යි­නර් ජාත්‍ය­න්තර දර්ශ­කය විසින් කොළඹ වරාය හඳු­න්වාදී ඇත.

සම්මාන සඳහා නිර්දේ­ශිත ප්‍රධාන නෞකා ජාල (Main Line) 10ක් අත­රින් ‘මෙඩි­ටේ­රි­යන් ෂිපින් කම්පැනි’ (MSC) සමා­ගම පළමු ස්ථාන­යත්, ‘මර්ස්ක් ජාලය’ (MERSK) දෙවන ස්ථානය ලෙසත්, ‘CMA CGM’ නෞකා ජාලය තෙවන ස්ථානය ලෙසත් Hapag – Lloyd නෞකා ජාලය හතර වන ස්ථානය ලෙසත්, Ocean Network Express ජාලය පස්වන ස්ථානය ලෙසත් මෙහිදී සම්මා­න­යට පාත්‍ර විය.

සම්මාන සඳහා නිර්දේ­ශිත පෝෂක නෞකා ජාල (Feeder) 10 අත­රින් X- Press Feeders පළමු ස්ථාන­යත්, GFS හෙවත් ග්ලෝබල් ෆීඩර් ලයින් දෙවන ස්ථාන­යත්, BTL හෙවත් බෙන්ගාල් ටයි­ගර් ලයින් තෙවන ස්ථාන­යත්, HR Lines හතර වන ස්ථාන­යත්, UFL හෙවත් යුනි ෆීඩර් ලයින් පස්වන ස්ථානය ලෙසත් මෙහිදී සම්මා­න­යට පාත්‍ර විය.

මෙහිදී සිය අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රයා මෙලෙස ප්‍රකාශ කළේය.

“මෙලෙස කොළඹ වරාය සමඟ ගනු­දෙනු කරන ප්‍රධාන නෞකා ජාල හා පෝෂක නෞකා ජාල පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් ඔවුන්ගේ දාය­ක­ත්වය අගයා මෙලෙස සම්මාන දීමට කට­යුතු කිරීම මම ඉතා­මත්ම අගය කර­නවා. සම්මාන දීමේදී එහි මූල්‍ය අගය වෙනු­වට ඒ ඒ සමා­ගම සඳහා අභි­ප්‍රේ­ර­ණ­යක් ඇති කිරීම මේ ක්‍රියා­ව­ලියේ අර­මු­ණයි. එය කොළඹ වරාය තුළ වන පර්යන්ත අතර තර­ග­කා­රී­ත්ව­යක් ඇති කිරී­ම­ටත්, එයින් ගොඩ­නැ­ඟෙන කාර්ය­ක්ෂ­ම­තාව සහ ඵල­දා­යි­තාව මත නෞකා ජාල සඳහා උසස් සේවා­වක් දීමට ද හැකි­යාව ලැබෙ­නවා.”

ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ සභා­පති කීත් ඩී. බර්නාඩ් මහතා

“මෙලෙස කොළඹ වරාය විසින් කොළඹ වරාය සමඟ සම්බන්ධ වන නෞකා ජාල සඳහා සම්මාන ඇගැ­යී­මක් සිදු කිරී­මෙන් එකි­නෙකා අතර දැඩි විශ්වා­ස­යක් ඇති කර­ගැ­නී­මට අව­ස්ථා­වක් උදා වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT