Sunday, May 11, 2025
Home » තුර්කියේ ශ්‍රී ලංකා තානා­ප­තිනී සහ එරට ජාතික අධ්‍යා­පන ඇමැති අතර සාක­ච්ඡා­වක්

තුර්කියේ ශ්‍රී ලංකා තානා­ප­තිනී සහ එරට ජාතික අධ්‍යා­පන ඇමැති අතර සාක­ච්ඡා­වක්

by damith
March 23, 2024 1:03 am 0 comment

ශිරෝමි අබ­ය­සිංහ

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ සහ­යෝ­ගී­තාව ශක්ති­මත් කිරීම සම්බ­න්ධ­යෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානා­ප­තිනී හසන්ති දිසා­නා­යක මහ­ත්මිය සහ එරට ජාතික අධ්‍යා­පන ඇමැති යූසුෆ් ටෙකින් මහතා අතර සාක­ච්ඡා­වක් අන්කාරා නුව­රදී ඉකුත්දා (19) පැවැ­ත්විණි.

අධ්‍යා­ප­නයේ සහ ඒ ආශ්‍රිත කරු­ණු­වල සහ­යෝ­ගී­තා­වයේ නිම් වළලු තව­දු­ර­ටත් පුළුල් කර­ගැ­නීමේ අව­ශ්‍ය­තාව සහ පව­තින අවස්ථා පිළි­බ­ඳව දෙපා­ර්ශ්ව­යම එක­ඟ­තාව පළ කළ අතර, එම­ඟින් ආර්ථික ප්‍රති­ලාභ ද අත්කර ගත හැකි බව අව­ධා­ර­ණය කෙරිණි.

ශ්‍රී ලංකාව නැව­තත් සංචා­ර­ක­යන්ට ජන­ප්‍රිය ගම­නා­න්ත­යක් බවට පත්ව ඇති බව තානා­ප­ති­නිය අව­ධා­ර­ණය කළ අතර, ෆෝබ්ස් සඟ­රාව පසු­ගි­යදා ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානයේ සිටින බව ප්‍රකා­ශ­යට පත් කළ බවත් සඳ­හන් කළාය. පුරා­විද්‍යා ක්ෂේත්‍රය තුළ එකි­නෙ­කාගේ හොඳම භාවි­ත­යන් ඉගෙ­න­ගැ­නී­මට දෙරට අතර හුව­මාරු කර­ගැ­නීම මෙන්ම පුරා­වි­ද්‍යාව හදා­රන තරුණ සිසුන් සංචා­රක ක්ෂේත්‍රයේ වෘත්තී­න්වල යෙදී­මට දිරි­මත් කිරීම පිළි­බ­ඳව ද සාකච්ඡා කෙරිණි.

තුර්කියේ ජන­ර­ජය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යා­ප­නය පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සු­මට කඩි­න­මින් අත්සන් තබනු ඇතැයි ශ්‍රී ලංකා තානා­ප­ති­නිය විශ්වා­සය පළ කළ අතර, එය සිසුන්, විද්ව­තුන් සහ පර්යේ­ෂ­ක­යන් හුව­මාරු කර­ගැ­නී­මට මඟ පාදනු ඇති බවයි. ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක ක්ෂේත්‍ර පිළි­බ­ඳව තුර්කි රජය, එරට පද­නම් සහ විශ්ව­වි­ද්‍යාල විසින් පිරි­න­මන ශිෂ්‍යත්ව සඳහා තානා­ප­ති­නිය ස්තූතිය පළ කළාය. තුර්කියේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මුහුණ දෙන ගැටලු විස­ඳී­මෙන් ශ්‍රී ලාංකික සිසුන් වැඩි­පුර තුර්කිය වෙත පැමි­ණී­මට දිරි­ගැ­න්වෙන බව සඳ­හන් කළාය. අව­බෝ­ධතා ගිවි­සුම අත්සන් කිරී­මත් සමඟ ද්වි-පාර්ශ්වික සහ­යෝ­ගි­තාව ඵල­දායී ලෙස ඉහළ යනු ඇතැයි ඇමැ­ති­ව­රයා විශ්වා­සය පළ කළේය.

ඇමැති ටෙකින් මහතා 2024 ජුනි මාස­යේදී පැවැ­ත්වී­මට නිය­මිත තුර්කි ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂ­ණික සහ­යෝ­ගී­තාව පිළි­බඳ ඒකා­බද්ධ කමි­ටුවේ සභා­ප­ති­ව­රයා ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT