Thursday, May 15, 2025
Home » කොළඹ ‘පුර­වර සර­සවි මිතුරෝ’ දුන්හිඳ ඇල්ල පිවි­සු­මේ කසළ ඉවත් කරති

කොළඹ ‘පුර­වර සර­සවි මිතුරෝ’ දුන්හිඳ ඇල්ල පිවි­සු­මේ කසළ ඉවත් කරති

by damith
March 23, 2024 1:02 am 0 comment

බදුල්ල සුන්දර දුන්හිඳ ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොලි­තීන් ඇතුළු පරි­ස­ර­යට හානි­ක­රන අප­ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ‘පුර­වර සර­සවි මිතුරෝ’ කණ්ඩා­යම විසින් පසු­ගි­යදා සිදු කරන ලදි.

පරි­ස­රය පිරි­සු­දුව තබා­ග­නිමු, සොබාව සෞන්දර්ය රැක­ග­නිමු තේමාව පෙර­දැ­රිව සමා­ජ­යට පණි­වි­ඩ­යක්, දරු­වන්ට ආද­ර්ශ­යක් ලබා­දීම මේ වැඩ­ස­ට­හනේ අර­මුණ විය. බදුල්ල මහි­යං­ගණ මාර්ගයේ දුන්හිඳ ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සිට ඇල්ල දක්වා ඇති කිලෝ­මී­ටර් ගණ­නා­වක මාර්ගය සම්පූ­ර්ණ­යෙන් පිරි­සුදු කිරී­මට සහ ඇල්ල අසල ඇති අප­ද්‍රව්‍ය ඉවත් කිරී­මට පුර­වර සර­සවි මිතුරෝ කට­යුතු කළ අතර ඒ සඳහා 120ක කණ්ඩා­ය­මක් සහ­භාගි වූ අතර ඔවුන්ගේ පවු­ල්වල දරු­වන් 52ක්ද ඊට සහ­භාගි වූහ. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශාස්ත්‍ර පීඨ­යෙන් උපා­ධි­ලත් 2001/2002 අධ්‍ය­යන කණ්ඩා­යමේ පුර­වර සර­සවි මිතුරෝ 2024 සඳහා වූ වාර්ෂික සුහද හමු­වට සම­ගා­මීව දුන්හිඳ ඇල්ල පිරි­සුදු කිරීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­වට නැංවිණි. එය මෙවර බදුල්ල දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ගෙන පැවැ­ත්විණි. වාර්ෂික සුහද හමුව පැල්ග­හ­තැන්න ඌව කළ­ම­නා­ක­රණ සංව­ර්ධන ආය­ත­නයේ දින තුනක් පුරා පැවැති අතර බදුල්ල අවට ඇති විශේෂ ස්ථාන නැර­ඹී­මට ද මෙවර පහ­සු­කම් සලසා තිබිණි. ඒ අනුව සහ­භාගි වූ සැමට දැනුම, විනෝ­දය, ආද­ර්ශය, සාමූ­හි­ක­ත්වය සහ සතුට ලැබෙන අයු­රින් මෙවර පුර­වර සර­සවි මිතුරෝ සුහද හමුව සංවි­ධාන කර තිබූ අතර හමුව අව­සා­නයේ සහ­භාගි වූ සියලු දරු­වන්ට පාසල් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උප­ක­රණ ලබා­දී­මට ද කට­යුතු සංවි­ධාන කර තිබිණි. පුර­වර සර­සවි මිතුරෝ වාර්ෂික සුහද හමුව මෙවර ද කැන­ඩාවේ ඔටා­වාහි හිල්ඩා ජය­ව­ර්ධ­නා­රාම විහා­ර­වාසී නුගේ­ග­ල­යායේ ජිනා­නන්ද හිමි­යන්ගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් පැවැ­ත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT