160 වන පොලිස් විරු සමරු දින උත්සවය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් අභිමානයෙන් පෙරේදා (21) පැවැත්විණි.
එහිදී පොලිස්පතිවරයා විසින් පොලිස් විරුවන් සිහිපත් කරමින් පොලිස් රණවිරු ස්මාරකයට උත්තමාචාර දක්වා පුෂ්පෝපහාර පුද කිරීමෙන් පසු පොලිස් විරු පවුල්වල ඥාතීහු ද රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.
අනතුරුව පොලිස් රණවිරුවන්ගේ ඥාතීන් වෙත හා ආබාධිත පොලිස් නිලධාරින් වෙත පොලිස්පතිවරයා විසින් මූල්‍යමය චෙක්පත් පිරිනැමීමක් ද කර ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. විශ්‍රාමික පොලිස්පතිවරුන් වන චන්ද්‍රා ප්‍රනාන්දු, ජයන්ත වික්‍රමරත්න, සී.ඩී.වික්‍රමරත්න මහත්වරු පොලිස් විරු පවුල්වල ඥාතීන් ඇතුළු උසස් නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.