Sunday, May 11, 2025
Home » ගොවි ජන­තා­වගේ වී මිලදී ගන්න ආණ්ඩුව මෙතෙක් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර නෑ

ගොවි ජන­තා­වගේ වී මිලදී ගන්න ආණ්ඩුව මෙතෙක් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර නෑ

මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර

by damith
March 23, 2024 1:03 am 0 comment

දිව­යින පුරා ගොවි ජන­තා­වගේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මෙතෙක් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර නැතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලි­මේ­න්තු­වේදි ඊයේ (22) ප්‍රකාශ කළේය.

රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳ­හන් කළේ සභාව කල් තබන අව­ස්ථාවේ විවා­දය සඳහා ඊයේ (22) පාර්ලි­මේ­න්තු­වේදී එක්වෙ­මිනි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද පැව­සීය.

ගොවි ජන­තා­වගේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව වහාම විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතුයි.

පසු­ගිය කාලය තුළ මුළු­ම­නින්ම බිඳ­වැ­ටුණු කෘෂි­ක­ර්මා­න්තය තව­මත් යථා තත්ත්ව­යට පත්ව නැහැ. වර්ත­මා­න­යේදී වී ගොවින්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධා­නම ගැට­ලුව වී ඇත්තේ සිය අස්වැන්න සඳහා නිය­මිත මිලක් නොමැති වීමයි. සාධා­රණ මිල­කට වී මිලදී ගැනීම සිදු වන්න් නැහැ. වී මිලදී ගැනී­මට කට­යුතු නොකි­රීම හා නිසි කලට මිලදී ගැනීම් සිදු නොකි­රීම නිසා පෞද්ග­ලික අංශයේ වෙළෙ­න්දන් අඩු මිල ගණන් යටතේ ගොවි ජන­තා­වගේ වී මිලදී ගන්නවා.

නිසි නියා­මන ක්‍රම­වේ­ද­යක් නොමැති නිසා එළ­වළු ගොවීන්ද දැඩි අසී­රු­ව­කට පත්ව සිටි­නවා. ඒ නිසා ගොවීන් මුහුණ දෙන පොදු ගැට­ලු­ව­ලට ඇහු­ම්කන් දී ඔවුන්ට සාධා­ර­ණ­යක් සිදු­කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT