දිවයින පුරා ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (22) ප්රකාශ කළේය.
රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.
ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව වහාම විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
පසුගිය කාලය තුළ මුළුමනින්ම බිඳවැටුණු කෘෂිකර්මාන්තය තවමත් යථා තත්ත්වයට පත්ව නැහැ. වර්තමානයේදී වී ගොවින්ට මුහුණ දීමට සිදුව ඇති ප්රධානම ගැටලුව වී ඇත්තේ සිය අස්වැන්න සඳහා නියමිත මිලක් නොමැති වීමයි. සාධාරණ මිලකට වී මිලදී ගැනීම සිදු වන්න් නැහැ. වී මිලදී ගැනීමට කටයුතු නොකිරීම හා නිසි කලට මිලදී ගැනීම් සිදු නොකිරීම නිසා පෞද්ගලික අංශයේ වෙළෙන්දන් අඩු මිල ගණන් යටතේ ගොවි ජනතාවගේ වී මිලදී ගන්නවා.
නිසි නියාමන ක්රමවේදයක් නොමැති නිසා එළවළු ගොවීන්ද දැඩි අසීරුවකට පත්ව සිටිනවා. ඒ නිසා ගොවීන් මුහුණ දෙන පොදු ගැටලුවලට ඇහුම්කන් දී ඔවුන්ට සාධාරණයක් සිදුකළ යුතුයි.