ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මේ බව සඳහන් කළේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
එමෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය කෘෂි උපකරණවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටිනවා.
කෘෂිකර්ම ඇමැතිවරයා කියන විදිහට හම්බන්තොට වගේම ලංකාව පුරාම වී මිලදී ගන්නවානම් හොඳයි. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කරන්න. කෘෂි නිෂ්පාදනවල මිල සියයට අනූ පහකින් වැඩි වෙලා. පොහොර සාධාරණ මිලකට ලැබෙන බව ඇත්ත. නමුත් කෘෂි උපකරණ අති විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා. ලක්ෂ හැත්තෑනවයකට තිබුණ ෆෝ වීල් ට්රැක්ටරය දැන් ලක්ෂ සියයක් වෙලා. ගොයම් කපන ට්රැක්ටරය. ඒ ට්රැක්ටරය තිබුණේ ලක්ෂ 120ට. දැන් ලක්ෂ 160ක්. එදා අක්කරයක් හෑවේ රුපියල් 12000ට. අද 25000ක් වෙලා. එදා ගොයම් කැපුවේ අක්කරයක් නවදහසකට. අද 18000ක් වෙලා. ගොවියාගේ වී නිෂ්පාදන මිල තුන් හතර ගුණයකින් වැඩිවෙලා. ගොවියාගේ පැත්තෙන් වීවලට ලැබෙන වටිනාකම මොකක්ද? පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර මේ කිසිම දිස්ත්‍රික්කයක ආණ්ඩුව වී මිලදී ගෙන නැති බව මම වගකීමෙන් කියනවා. පාරිභෝගිකයා, නාඩු ගන්නේ රුපියල් 220 කට. රුපියල් 105ක විතර වෙනසක් තිබෙනවා. මේ වෙනස යන්නේ කොහෙටද. මේ අතරමැදියො කවුද? මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් විශාල ප්‍රමාණයක් තිබුණා. මහ පරිමාණ මෝල් මුදලාලිලාට කතා කරනවාට වඩා මේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට කතා කරන්න.
වගා හානි විශාල වශයෙන් සිදු වෙනවා. පසුගිය කාලේ ගංවතුර තත්ත්වයන් නිසා විශාල කුඹුරු හානි වුණා. දේපොළ හානි අවම කරන්න.