Saturday, May 10, 2025
Home » හිටපු ඇමැති බන්දුල බස්නා­යක ජන හද­වත් තුළ ලැඟුම් ගත් නාය­ක­යෙක්

හිටපු ඇමැති බන්දුල බස්නා­යක ජන හද­වත් තුළ ලැඟුම් ගත් නාය­ක­යෙක්

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

by damith
March 23, 2024 1:03 am 0 comment

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ව සිට අභා­ව­ප්‍රාප්ත ආර්.එම්. කරු­ණා­රත්න, බන්දුල බස්නා­යක, පී.එම්.බී. සිරිල් මහ­ත්ව­රුන් මෙරට ජන­තා­වගේ හිත් දිනා ගත් අවංක දේශ­පා­ල­න­ඥ­යන් බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හම්බ­න්තොට දිස්ත්‍රික් මන්ත්‍රි චමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (22) පැවැ­සීය.

ශෝක ප්‍රකාශ යෝජනා සම්බ­න්ධ­යෙන් පැවැති විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව පැවැ­සීය.

මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැවැ­සීය.

හම්බ­න්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි පී.එම්.බී. සිරිල් මහ­තාගේ අභා­වය රට­ටම පාඩු­වක්. ඒ මහතා තිස්ස­ම­හා­රා­ම­යට එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉදි­රි­පත් වුණා. 77 මැති­ව­ර­ණ­යෙන් විශිෂ්ට ජයක් ලබා පාර්ලි­මේ­න්තු­වට පැමිණ වසර 16ක් පමණ මෙම සභාව නියෝ­ජ­නය කළා. එතුමා ගෞර­ව­නීය සේවා­වක් රටට සිදු කළ පුද්ග­ල­යෙක්. කඩි­නම් මහ­වැලි ව්‍යාපා­රය සිදු කරන විට ලුණු­ග­ම්වෙ­හෙර ව්‍යාපෘ­තිය එකතු කර­ගෙන අව­සන් කර අති විශාල ගොවි බිම් ප්‍රමා­ණ­ය­කට ජල­යත්, ඉඩම් නොමැ­තිව සිටි ගොවීන්ට ඉඩම් ලබා­දී­ම­ටත් ඒ මහතා කට­යුතු කළා. සූරි­ය­වැව එදා වල් බිහිව තිබුණා. පක්ෂ භේද­යෙන් තොරව කට­යුතු කළ නිසා සිය­ලු­දෙ­නාගේ හිත් දිනා ගත් දේශ­පා­ල­න­ඥ­යෙක් වුණා. අසූ ගණ­න්වල ඡන්ද­යට ඉදි­රි­පත් වුණොත් මර­නවා කියලා තුණ්ඩු කෑලි බෙදූ කාල­යක් වුණා. ඒ අව­ස්ථාවේ එතු­මාගේ බිරිය ඉදි­රි­පත්ව ජය­ග්‍ර­හ­ණය කළා. බදුල්ල දිස්ත්‍රි­ක්කයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි ආර්.එම්. කරු­ණා­රත්න මහ­තාත්, කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි බන්දුල බස්නා­යක මහ­තාත් රටට අහිමි වුණා. ඔවුන් මෙරට ජන­තා­වට විශාල සේවා­වක් කළ මහ­ජන නියෝ­ජි­ත­යන්. මෙම මහ­ත්ව­රුන් තිදෙ­නා­ගේම අභා­වය රටට පාඩු­වක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT