Home » සුවි­සල් පද­විය වැවේ වාන් දොරටු බලෙන් ඇර

සුවි­සල් පද­විය වැවේ වාන් දොරටු බලෙන් ඇර

ව්‍යාපා­රි­ක­ය­කුගේ කුඹු­රට වතුර දීමේ නඩුව:

by damith
March 23, 2024 1:02 am 0 comment

අනු­රා­ධ­පුර - උපාලි ආනන්ද
  • විම­ර්ශන සට­හන් නීති­ප­තිට

කුඹුරු අක්කර දහ­අට දහ­ස­කට පමණ යල මහ දෙක­න්න­යට ජලය සැප­යෙන භූමි ප්‍රමා­ණ­යෙන් මෙරට විශා­ල­තම ජලා­ශය ලෙස සැල­කෙන පද­විය වැවේ වාන් දොර­ටු­වට අධි බලැති ජැක් ගසා නීති විරෝ­ධීව විවෘත කර ව්‍යාපා­රි­ක­යෙ­කුට අයත් කුඹුරු යාය­කට අන­ව­ස­ර­යෙන් ජලය ලබා ගැනීමේ සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් පිළි­බ­ඳව ඉදිරි නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට අදාළ විම­ර්ශ­න­වල උදෘත (සට­හන්) නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් සඳහා යව­න්නැයි කැබි­ති­ගො­ල්ලෑව දිසා විනි­සුරු සහ මහේ­ස්ත්‍රාත් කසුන් දස­නා­යක මහතා පද­විය පොලි­සි­යට නියෝග කළේය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධි­යට අදාළ නඩුව පද­විය සංචා­රක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථාවේ දී මෙම සිද්ධි­යට අදා­ළව දැනට දැඩි ඇප කොන්දේසි මත මුදා­හැර සිටින ව්‍යාපා­රි­ක­යකු වන ප්‍රධාන සැක­කාර පද­විය සී යාය විද්‍යා­ලය ඉදි­රි­පිට අංක 304 ලිපි­නයේ ඩබ්.ඒ. මයුර ප්‍රදීප් මධු­සංඛ සහ පද­විය සී යාය අංක 500/ ඒ ලිපි­නයේ ඩබ්.ජී. උපාලි කුමා­ර­තුංග සහ පද­විය පුංචි­කො­ච්චි­කා­වැව අංක 38 ලිපි­නයේ එම්.ජී.බී. කමල් ප්‍රිය­ශාන්ත යන සැක­ක­රු­වන්ය.

පද­විය ජලා­ශය භාර වාරි­මාර්ග ඉංජි­නේරු අනුර ශාන්ත මහතා පද­විය පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණ. පැමි­ණිල්ල වෙනු­වෙන් පද­විය පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විජය කුමා­ර­සිරි මහ­තාගේ උප­දෙස් මත සැර­යන් (35569) රණ­සිංහ මහතා පෙනී සිටි අතර සැක­ක­රු­වන් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව මහතා පෙනී සිටි­යේය.

පද­විය ජලා­ශයේ වාන් දොර­ටුවේ ආර­ක්ෂා­වට රාත්‍රි කාලයේ යොදවා සිටි වාරි­මාර්ග මුර­ක­රුට මත්පැන් බීමට සලස්වා සැක­ක­රු­වන් මෙම අප­රා­ධය සිදු කර ඇති බව අධි­ක­ර­ණ­යේදී කියැ­විණ. මෙරට ප්‍රධාන වාරි ජලා­ශ­යක වාන් දොර­ටු­ව­කට විශාල ප්‍රමා­ණයේ වාහන සඳහා යොදන අධි බලැති ජැක් ගසා වාරි ඉංජි­නේ­රු­ව­රුන්ගේ අධී­ක්ෂ­ණ­යෙන් සහ නිසි තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යෙන් තොරව නීති විරෝ­ධීව විවෘත කර පුද්ග­ලික කුඹුරු යාය­කට අන­ව­ස­ර­යෙන් ජලය ලබා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ නඩු­වක් පව­තින ඉති­හා­සයේ ප්‍රථම අව­ස්ථාව මෙය බව වාරි­මාර්ග ඉංජි­නේ­රු­වරු පව­සති. පද­විය ජලා­ශය අක්කර අඩි අසූ අට දහ­සක ජල ධාරි­තා­ව­ය­කින් යුක්තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT