Sunday, May 11, 2025
Home » ළිඳ ඉසිද්දී සිහි­සුන් වූ පුද්ග­ල­යෙක් මරුට

ළිඳ ඉසිද්දී සිහි­සුන් වූ පුද්ග­ල­යෙක් මරුට

by damith
March 23, 2024 1:02 am 0 comment

බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන

කොස්ගොඩ පොලිස් වසමේ වතු­ර­වෙල ප්‍රදේ­ශයේ ළිඳක් ඉසි­මින් සිටිය දී ළිඳට බැසී­මෙන් පසු හුස්ම ගැනීමේ අප­හ­සු­තා­වට ලක්ව බළ­පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කළ අයකු ඊයේ (22) මිය­ගොස් ඇතැයි කොස්ගොඩ පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ ඇල්පි­ටි‍ෙය් පදිංචි ගාල්ලගේ ජගත් කීර්ති නමැති පනස් හැවි­රිදි අයෙකි. මිය­ගිය අය තවත් අයකු සමඟ වතු­ර­වෙල ප්‍රදේ­ශයේ කොන්ක්‍රීට් වැඩ­පො­ළක පිහිටි ළිඳක් ඉසි­මින් සිටිය දී මෙම අන­තු­රට මුහු­ණපා ඇත.

මෝට­ර­යක් යොදා ජලය ඉවත් කළ පසු ළිඳ පිරි­සුදු කිරී­මට ළිඳ තුළට බැස ඇති ඔහුට එහිදී හුස්ම ගැනී­මට නොහැකි වීම නිසා සිහි­සුන් වී ඇත. අන­තු­රුව ඔහුගේ සහා­යට ළිඳ තුළට බැස­ගත් තවත් අයකු ද අස­නීප වී ඇති බව පොලි­සිය පව­සයි. පසුව දෙදෙ­නාම 1990 ගිලන් රථ­ය­කින් බළ­පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කිරීමේ දී ජගත් නමැත්තා මිය­ගොස් සිටි බවත් අනිත් තැනැත්තා බළ­පි­ටිය මූලික රෝහලේ ප්‍රති­කාර ලබන බවත් පොලි­සිය කියයි.

මිය­ගිය අයගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය අද (23) බළ­පි­ටිය මූලික රෝහලේ පැවැ­ත්වී­මට නිය­මි­තව ඇති අතර කොස්ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රභාත් දේශ­බන්ධු මහතා ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT