Saturday, May 10, 2025
Home » EASA සමඟ එක්ව මුල් වරට සංවි­ධාන කළ ගුව­න්සේවා ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා සමු­ළුව සාර්ථ­කව නිමා­වෙයි

EASA සමඟ එක්ව මුල් වරට සංවි­ධාන කළ ගුව­න්සේවා ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා සමු­ළුව සාර්ථ­කව නිමා­වෙයි

by damith
March 23, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ශ්‍රී ලංකා සිවිල් ගුව­න්සේවා අධි­කා­රිය, යුරෝ­පීය ගුව­න්සේවා සුර­ක්ෂි­තතා ඒජ­න්සිය (EASA) එක්ව පළමු වරට කොළඹ දී සංවි­ධාන කළ ගුව­න්සේ­වාව පිළි­බඳ ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා සමු­ළුව සාර්ථ­කව නිමා­වට පත්විය. මාර්තු 19දා සිට 21දා දක්වා තෙදි­නක් පුරා කොළඹ දී පැවති මේ සමු­ළු­වට යුරෝපා සංග­මය මෙන්ම අප්‍රි­කානු, ආසියා ශාන්ති­කර සහ අනෙ­කුත් කලා­පීය රට­වල් ද නියෝ­ජ­නය කර­මින් 100ක පමණ ජ්‍යෙෂ්ඨ ගුව­න්සේවා වෘත්ති­ක­යන් පිරි­සක් ද එක්ව සිටි­යහ.

ශ්‍රී ලංකා සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ සභා­පති. ජී. එස්. විතා­නගේ, උප සභා­පති ඩී. ඩබ්. එස්. නාරං­ගොඩ, සිවිල් ගුව­න්සේවා අධ්‍යක්ෂ ජන­රාල් විශ්‍රා­මික එයා(ර්) වයිස් මා(ර්)ෂල් සාගර කොට­ක­දෙ­ණිය, ගුව­න්තො­ටු­පොළ සහ ගුව­න්සේවා (ශ්‍රී ලංකා) සමා­ගමේ උප සභා­ප­තිනි අවන්ති සේනා­රත්න, සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් නීතිඥ රෙහාන් වන්නි­අප්පා මහත්ම මහ­ත්මීන් මෙන්ම EASA නියෝ­ජ­නය කර­මින් එහි වැඩ­බ­ලන අධ්‍යක්ෂ ලුක් ටිගට්, උපා­ය­මා­ර්ගික සහ සුර­ක්ෂි­තතා කළ­ම­නා­ක­රණ ප්‍රධානී මරියා නෙවීස් මහත්ම මහ­ත්මීන් ද සමා­ර­ම්භක අව­ස්ථා­වට එක්වූහ. 2008 වසරේ දී EASA විසින් ගෝලීය වශ­යෙන් ගුව­න්සේවා කර්මා­න්තයේ සුර­ක්ෂි­ත­තාව තව­දු­ර­ටත් තහ­වුරු කර යහ­පත් ගුවන් ප්‍රවා­හන කර්මා­න්ත­යක් ජන­තා­වට දායාද කිරීමේ අර­මුණ පෙර­දැ­රිව ඇරඹි මේ වැඩ­ස­ට­හනේ 08 වන අදි­යර ශ්‍රී ලංකාවේ දී පැවැ­ත්වී­මට හැකි­වීම මෙරට ගුවන් කර්මා­න්තය ලත් ජය­ග්‍ර­හ­ණ­යකි. ගුව­න්සේවා කර්මා­න්තයේ සුර­ක්ෂි­ත­තාව තව­දු­ර­ටත් තහ­වුරු කිරීම වෙනු­වෙන් EASA ගෙන ඇති වැඩ­පි­ළි­වෙළ ඒ ඒ රට­වල් විසින් ක්‍රියා­වට නංවා ඇති ආකා­රය, ඉන් ලබා­ගෙන ඇති වර්ධ­නය පිළි­බ­ඳව ද මේ සමු­ළුවේ දී සාකච්ඡා කළ අතර ජාත්‍ය­න්තර වශ­යෙන් ගුව­න්සේ­වාව පිළි­බඳ දැනුම මෙන්ම නියා­මන ක්‍රියා­ව­ලීන් පිළි­බ­ඳව තොර­තුරු හුව­මාරු කර­ගැ­නී­මට ද මෙය කදිම අව­ස්ථා­වක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT