166
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් පවුල් 2000ක දරුවන්ට පාසල් උපකරණ ලබාදීම ශ්‍රි ලංකා රතුකුරුස සමාජයේ ජාතික ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නූපේ සණස ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී රුපියල් 5500ක් වටිනාකමින් යුත් පොත් හා පාසල් උපකරණ දරුවන් 700කට බෙදා දුන් අතර සමස්ත වටිනාකම 11000000 කි. මාතර මහ දිසාපති ගනේෂ අමරසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, රජයේ නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.