Home » මඩ­ක­ල­පුව එරා­වුර් දාගැබ විනාශ කර දමා ගල් කණු සඳ­ක­ඩ­ප­හණ කෝවිලේ වැට මායි­මට තියලා

මඩ­ක­ල­පුව එරා­වුර් දාගැබ විනාශ කර දමා ගල් කණු සඳ­ක­ඩ­ප­හණ කෝවිලේ වැට මායි­මට තියලා

කල්කුඩා ශ්‍රී සීලා­ලං­කාර පිරි­වෙනේ පරි­වෙ­ණා­ධි­පති දේව­ගල දේවා­ලං­කාර නාහිමි

by damith
March 23, 2024 1:03 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

අනු­රා­ධ­පුර යුගයේ ඉදිවූ විශා­ල­තම දාගැබ ලෙස සැල­කෙන නැඟෙ­න­හිර පළාතේ මඩ­ක­ල­පුව මාවා­ඩි­වෙම්බු වසමේ පිහිටා ඇති විශාල දාගැබ විනාශ කර­මින් එහි සඳ­කඩ පහණ, ගල් කණු, ස්ථම්භ, ගඩොල්,ශිලා පුවරු,අසල කෝවි­ල­කට ගෙන ගොස් ඇතැම් ගල්කණු කඩා විනාශ කර කෝවිලේ අලු­තින් ඉඳි­ක­රන ගොඩ­නැ­ඟි­ල්ලක අත්ති­වා­ර­ම­කට හා දේවා­ලයේ වැට මායි­ම­කට යොදා­ගෙන ඇති බව මඩ­ක­ල­පුව ශාස­නා­ර­ක්ෂක බල­ම­ණ්ඩ­ලයේ හිටපු ලේඛ­කා­ධි­කාරී කල්කුඩා ශ්‍රී සීලා­ලං­කාර පිරි­වෙනේ පරි­වෙ­ණා­ධි­පති දේව­ගල දේවා­ලං­කාර නාහි­මියෝ පව­සති.

ක්‍රිස්තු වර්ෂ 2,3 සිය­ව­ස්වල පමණ ඉදි­කර ඇති බවට සැල­කෙන අනු­රා­ධ­පුර යුගයේ ඉදි වූ විශා­ල­තම දාගැබ මඩ­ක­ල­පුව එරා­වු­ර්වල ඉදි­කර ඇති බවත් මේ විශා­ල­තම දාගැබ 2017 වර්ෂයේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අම්පාර කාර්යා­ලය මගින් හඳු­නා­ගෙන ඇති එකක් බව ද නාහි­මියෝ පෙන්වා දෙති.මීටර් 32කින් පමණ විශ්ක­ම්භ­ය­කින් යුත් මේ ස්තූපයේ පේසා වළලු, ගර්භයේ බිත්ති කොටස්, සම්පූ­ර්ණ­යෙන්ම විනාශ කර එතැන් සිට අවට අක්කර තුන හත­රක පරි­ස­රය විනාශ වීමට ඉඩ හැර ඇති බවත් මේ දාගැබේ පරි­වාර චෛත්‍ය හත­රක නට­බුන් දැනට දක්නට තිබෙන බවත් ඇතැම් පරි­වාර චෛත්‍ය උඩ පොල් ඇතුළු අනෙ­කුත් වගා සිදු­කර ඇති බවත් දේවා­ලං­කාර නාහි­මියෝ සඳ­හන් කරති. මේ ප්‍රදේ­ශය පිරි­සක් විහා­ර­තෝ­ට්ටම් නමින් හඳුන්වා මේ විශා­ල­තම දාගැබේ ගල්කණු, සඳ­ක­ඩ­ප­හණ ඇතුළු වටිනා පුරා­විද්‍යා වස්තු කුළු ගෙඩි­ව­ලින් පහර දී කළු­ගල් බවට පත් කර ඒ අසල ඉදි­ක­රන කෝවි­ලක අත්ති­වා­ර­ම­කට යොදා ගැනීම කන­ගා­ටු­දා­යක කරු­ණක් බවත්, දාගැබේ ඇතැම් පුරා­වස්තු ට්‍රැක්ටර් මගින් රැගෙන ගොස් ඇති බවත්,ගල්කණු මෙන්ම කැට­යම් ගල් සඳ­ක­ඩ­ප­හන, කෝවිලේ වැට මායි­මට යොදා ඇති බවත් දේවා­ලං­කාර නාහි­මියෝ පෙන්වා දෙති.

මේ දාගැබ උඩ සහ ඒ අවට 2019 වර්ෂයේ මිරිස් වගා කර තිබූ අතර මේ ගැන මාධ්‍ය හෙළි­ද­ර­ව්ව­කින් අන­තු­රුව පුරා­විද්‍යා නිල­ධා­රීන් එම දාගැබ ප්‍රදේ­ශය වෙන් කර සිටුවා ඇති පුරා­විද්‍යා කුලුනු විනාශ කර ඇති බවත්, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් මායිම් කර ඇති ප්‍රදේ­ශයේ කිසි­යම් පිරි­සක් විසින් ඉඩම් කොටු කර­ගෙන ඒ තුළද පොල් වගා කර ඇති බව ද නාහි­මියෝ පැව­සූහ.

මේ ගැන ජන­ප­ති­ව­ර­යාගේ මෙන්ම අග­මැ­ති­ව­ර­යාගේ පුරා­වි­ද්‍යාවේ විෂය භාර අමා­ත්‍ය­ව­ර­යාගේ මෙන්ම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අව­ධා­නය යොමු­කර මඩ­ක­ල­පුවේ පුරා­විද්‍යා වස්තූන් රැක ගැනී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන ලෙසත් මඩ­ක­ල­පුව එරා­වුර් පිහිටි අනු­රා­ධ­පුර යුගයේ ඉදි වූ විශා­ල­තම දාගැබ සංර­ක්ෂ­ණය කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ද දේවා­ලං­කාර නාහි­මියෝ සඳ­හන් කළහ.

දාගැබේ විනා­ශය ගැන විම­සී­මට පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අම්පාර පුරා­විද්‍යා කාර්යා­ල­යෙන් කළ විම­සී­ම­කදී නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේ මේ දාගැබ පිහිටි ප්‍රදේ­ශය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් සල­කුණු කරනු ඇති බවත් විනාශ වී ඇති තත්ත්වය පිළි­බඳ සොයා බලා ආරක්ෂා කිරී­මට අවශ්‍ය කඩි­නම් ක්‍රියා­මාර්ග ගන්නා බවත් ඒ සම්බන්ධ වැඩි තොර­තුරු ප්‍රකාශ කිරී­මට නොහැකි බවත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT