449
හික්කඩුව වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගසාගෙන යමින් සිටි විදේශීය සංචාරකයන් හය දෙනකු ඊයේ (22) සවස බේරාගැනීමට හැකි වූ බව හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක අංශය කියයි.
මේ හය දෙනා අතර කුඩා දරුවන් දෙදෙනකු, කාන්තාවන් තිදෙනකු හා පිරිමි අයකු සිටි බව පොලිසිය සදහන් කරයි.මොවුන් සියලු දෙනාම රුසියානු ජාතිකයන් බවද පොලිසිය සඳහන් කරයි. හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක අංශයේ ස්ථානාධිපති (පො.ප) හේවගේ, පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (94884), බණ්ඩාර (27794) යන නිලධාරීන් විසින් මේ පිරිස බේරාගනු ලැබ ඇත.