Home » 12 හැවි­රිදි සිසුවා නිවෙස ඉදිරිපිටින් පාර මාරු වෙද්දී ලොරි­යට බිලි

12 හැවි­රිදි සිසුවා නිවෙස ඉදිරිපිටින් පාර මාරු වෙද්දී ලොරි­යට බිලි

තාත්තාත් නැති සිසු­වාගේ අම්මා විදේශ රටක ගෘහ සේවිකාවක්

by damith
March 23, 2024 1:19 am 0 comment

තිර­ප්පනේ සමූහ - ඩී.ජේ. දිසා­නා­යක / අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂානි

කැකි­රාව ගනේ­ව­ල්පොළ ප්‍රධාන මාර්ගයේ ඇඹු­ල්ග­ස්වැව ප්‍රදේ­ශ­යේදී පෙරේදා (21) සවස සිදු වූ අන­තු­ර­කින් දොළොස් හැවි­රිදි සිසු­වෙකු එම ස්ථාන­යේ­දීම මරු­මු­වට පත්ව ඇතැයි කැකි­රාව පොලි­සිය පව­සයි.

මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස මර­ණ­යට පත්ව ඇත්තේ පසු­ගිය ශිෂ්‍යත්ව විභා­ග­යෙන් ඉහ­ළම සාමා­ර්ථ්‍යය ලබා කැකි­රාව බස්ති­යන් සිල්වා මහ විද්‍යා­ලයේ 06 වෙනි ශ්‍රේණියේ අධ්‍ය­ප­නය ලැබූ 12 හැවි­රිදි කුසල යුව­හස් සංධීර නමැති සිසු­වෙකි.

කැකි­රාව නග­රයේ සිට බස් රථ­ය­කින් පැමිණ ඇඹු­ල්ග­ස්වැව ප්‍රදේ­ශයේ පිහිටි සිය නිවෙස අස­ලදී බස් රථ­යෙන් බැස මර්ගය හරහා මාරු­වී­මට උත්සාහ කිරී­මේදී සිසුවා මෙලෙස අන­තු­රට මුහු­ණපා තිබේ.

අන­තු­රින් මිය­ගිය දරු­වාගේ පියා දරුවා කුඩා කලම පවු­ලෙන් වෙන්ව ගොස් ඇති අතර මව සිය දරු­වන් හදා වඩා ගැනී­මට විදේශ රටක ගෘහ සේවය සඳහා ගොස් සිටී.

මෙම සිසුවා සිය පුංචි සහ මිත්ත­නිය භාරයේ ඔවුන්ගේ රැක­ව­ර­ණය යටතේ හැදී වැඩී තිබේ.

අන­තුර සිදුවූ ස්ථාන­යට පැමිණි කැකි­රාව මහේ­ස්ත්‍රාත් ඩී.පී.එස්.එම්.කරු­ණා­රත්න මහ­ත්මිය ස්ථානීය මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කළේය.

අන­තු­රට සම්බන්ධ ලොරියේ රියැ­දුරු කැකි­රාව පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ඔහු පුත්ත­ලම මුන්ද­ලම ප්‍රදේ­ශයේ පදිංචි පනස් නව හැවි­රිදි අයෙකි.

ඔහු කැකි­රාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT