Home » හෝට­ල­යක පිහි­නුම් තටා­කයේ ගිලී අයෙක් මරුට

හෝට­ල­යක පිහි­නුම් තටා­කයේ ගිලී අයෙක් මරුට

by damith
March 23, 2024 1:15 am 0 comment

මිතු­රන් පිරි­සක් සමඟ කළු­තර මිල්ල­ගස් හන්දිය ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක පිහු­නුම් තටා­කයේ දිය­නා­මින් සිටි පුද්ග­ල­යකු පෙරේදා (21) පස්ව­රුවේ දියේ ගිලී මිය­ගොස් ඇති බව කළු­තර උතුර පොලි­සිය පැව­සීය.

මෙසේ මිය­ගොස් ඇත්තේ පර­ග­ස්තොට කපු­දූව ප්‍රදේ­ශයේ පදිංචි 48 හැවි­රිදි හිදෙ­ල්පි­ටි­යගේ ප්‍රියන්ත නමැති පුද්ග­ල­යෙකි. මිය­ගිය පුද්ග­ලයා සිය මිතු­රන් සමඟ අදාළ හෝට­ලයේ සාද­යක් පවත්වා ඇති අතර, ඉන් අන­තු­රුව පිහි­නුම් තටා­කයේ දිය නෑමට ගොස් සිටි­යදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වන බව කළු­තර උතුර පොලි­සිය සඳ­හන් කළේය.

මෘත ශරී­රය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා කළු­තර නාගොඩ මහා රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර ඇත. ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් ජය­ති­ලක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක, කළු­තර මධ්‍යම සමූහ - සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT