Home » ලෝක කාන්තා විස්සයි20 තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ වටය ලබන මස 25 දා සිට

ලෝක කාන්තා විස්සයි20 තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ වටය ලබන මස 25 දා සිට

by damith
March 23, 2024 1:19 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

මේ වසරේ සැප්තැ­ම්බර් හා ඔක්තෝ­බර් මාස­ව­ලදී බංග්ලා­දේ­ශයේ පැවැ­ත්වෙන ලෝක කුස­ලාන කාන්තා විස්සයි20 තර­ගා­ව­ලියේ ඉතිරි ස්ථාන දෙක සඳහා රට­වල් දෙකක් තෝරා ගැනීමේ අදි­ට­නින් පැවැ­ත්වෙන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය ලබන මස 25 වැනිදා සිට අබු­ඩා­බි­හිදී පැවැ­ත්වී­මට අයි­සී­සීය කට­යුතු යොදා ඇත.

එම සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ තායි­ල­න්තය සමඟ පළමු තර­ග­යට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ මස 25 වැනිදා අබු­ඩාබි ටොල­රන්ස් ඕවල් පිටි­යට පිවි­සෙයි. මෙම ලෝක කුස­ලාන කාන්තා විස්සයි 20 සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 10ක් සහ­භා­ගී­වන අතර, අබු­ඩාබි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ සහ ටොල­රන්ස් ඕවල් පිටි­යේදී තරග පැවැත්වේ.

‘ඒ’ කාණ්ඩ­යෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ල­න්තය, තායි­ල­න්තය, උග­න්ඩාව හා අමෙ­රි­කාව තරග වදින අතර, ‘බී’ කාණ්ඩ­යෙන් නෙද­ර්ල­න්තය, අය­ර්ල­න්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වනු­වාටු හා සිම්බාබ්වේ යන රට­වල් සහ­භාගි වෙති. කාණ්ඩ දෙකේ මුල් කණ්ඩා­යම් දෙක අතර අව­සන් මහා තර­ගය මැයි මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය. ලෝක කුස­ලාන කාන්තා විස්සයි20 තර­ගා­ව­ලි­යට දැන­ට­මත් සත්කා­රක බංග්ලා­දේ­ශය, පසු­ගිය වසරේ පැවති ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ මුල් ස්ථාන 6ට පත්වූ ඔස්ට්‍රේ­ලි­යාව, එංග­ල­න්තය, ඉන්දි­යාව, දකුණු අප්‍රි­කාව, නව­සී­ල­න්තය හා බට­හිර ඉන්දීය කොදෙව් යන කණ්ඩා­යම් හා 2023 කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අව­සන් වෙද්දී ශ්‍රේණි­ගත කිරීම අනුව පාකි­ස්තා­නය ද සුදු­සු­කම් ලබා ඇත.

සුදු­සු­කම් ලැබීමේ තරග වට­යේදී ශ්‍රී ලංකාව සහ­භා­ගී­වන තරග:

අප්‍රේල් 25: ශ්‍රී ලංකාව – තායි­ල­න්තය

අප්‍රේල් 27: ස්කොට්ල­න්තය හා ශ්‍රී ලංකාව

මැයි 1: ශ්‍රී ලංකාව – උග­න්ඩාව

මැයි 3: ශ්‍රී ලංකාව – අමෙ­රිකා එක්සත් ජන­ප­දය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT