නවවැනි වරට පැවති රෙඩ් බුල් රයිඩ් මයි වේ 2024 සර්ෆින් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට බ්‍රසීලයේ බෲනෝ පිටංග සමත් වූ අතර, කාන්තා ඉසව්වේ ජය ප්‍රංසයේ මේරියන් පිලිප්ට හිමි වූවාය.
හික්කඩුව නාරිගම සර්ෆින් වෙරළ තීරයේදී පැවති මේ තරගාවලියට දේශීය සර්පින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබාදීම ශ්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවට ඉතාම සුදුසු රටක් බවට ලොවට පෙන්වා දීම සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විදෙස් සංචාරකයන් මෙරට ගෙන්වීමේ අරමුණු ඇතිව මේ තරගාවලිය සවිධාන කර තිබිණි.
මේ තරගාවලියට දෙස් විදෙස් සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 120ක් පමණ සහභාගි වූහ. ඊට එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 19කින් ක්‍රීඩක ක්රීඩකාවෝ රැසක් සහභාගි වූහ.
මේ සර්ෆින් තරගාවලියේ පිරිමි ඉසව්වේ King of the Wave ජයග්‍රහණය බ්‍රසීල ජාතික බෲනෝ පිටංග දිනා ගත් අතර, කාන්තා ඉසව්වේ Queen of the Wave ජයග්‍රහණය ප්‍රංස ජාතික මේරියන් පිලිප් සතු කර ගත්තාය.