CIC සමාගමේ සභාපති හර්ෂ අමරසේකර, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික පර්යේෂණ උපදේශක අචාර්ය වසන්ත චිත්‍ලාල්, නිෂ්පාදන සාමාන්‍යාධිකාරී චමිල සේනානායක, පැල්වෙහෙර ගොවිපොළේ කළමනාකරු ඉසුර දම්මුල්ලගේ මහත්වරුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලනී පරසුරාමන් මහත්මියට බීජ වර්ග හඳුන්වා දුන් අවස්ථාව
නව දෙමුහුන් බීජ නිෂ්පාදනය කරන අයුරු
මෙරට පළමු වතාවට පෞද්ගලික අංශයකින් පොළොවට ගැළපෙන පරිදිම අස්වැන්න වැඩි කර දෙන දෙමුහුන් එළවළු බීජ වර්ග පහක් රජයට සහ ගොවීන්ට හඳුන්වා දීම පසුගියදා (22) දඹුල්ල, පැල්වෙහෙර සී. අයි. සී. ගොවිපොළේදී සිදු කෙරිණි.
වසර ගණනාවක සිට සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් අනුව බණ්ඩක්කා, වම්බටු, මිරිස් වර්ග දෙකක්, මාළු මිරිස් සහ බඩඉරිඟු මෙසේ ඉතා සාර්ථකව දෙමුහුන් බීජ බවට පත්කොට දේශීය ගොවීන්ට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හඳුන්වා දීම සිදු කරන ලදි.
සී. අයි .සී. පෞද්ගලික සමාගමේ සභාපති හර්ෂ අමරසේකර, ජ්‍යෙෂ්ඨ තාක්ෂණික පර්යේෂණ උපදේශක ආචාර්ය වසන්ත චිත්‍ලාල්, සී. අයි. සී. සමාගමේ නිෂ්පාදන සාමාන්‍යාධිකාරී චමිල සේනානායක, පැල්වෙහෙර ගොවිපොළේ කළමනාකරු ඉසුර දම්මුල්ලගේ මහත්වරුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලනී පරසුරාමන් මහත්මියට මේ බීජ වර්ග හඳුන්වා දීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පැල්වෙහෙර ගොවිපොළේ කළමනාකරු ඉසුරු දම්මුල්ලගේ මහතා මෙලෙස පැවැසීය.
“ඉදිරියේදී විදේශ රටවලින් ගෙන්වූ දෙමුහුන් බීජ වෙනුවට මෙරට නිෂ්පාදනය කරන ලද දෙමුහුන් බීජ ඕනෑම වෙළෙඳසලකින් ගැනීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර තිබෙනවා.”
සාමාන්‍යාධිකාරී නිෂ්පාදන චමිල සේනානායක මහතා
“ලංකා ඉතිහාසයේ දේශීය ගොවීන් ලද ස්වර්ණමය අවස්ථාවක්. මේ දෙමුහුන් බීජ සංග්‍රාමයක ඇරඹුමක්. වසර ගණනාවක් විදේශ රටවලට බීජ සඳහා ඇදී ගිය අතිවිශාල මුදල් කන්දරාවක් මෙරට තුළ රඳවා ගැනීමට මෙය උපකාර වෙනවා. වසර ගණනාවක් පුරා පර්යේෂණ කණ්ඩායම් රැසක් යොදාගෙන ගත් නිවැරදි ප්‍රතිඵලයක් මේ.”
සීගිරිය විශේෂ