කඩිනමි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා පැරණි තෙල්දෙණිය නගරයේ තිබුණ උළු සෙවිලි කළ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වික්ටෝරියා ජලාශයට යට වීමෙන් පසු තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ ඉදිකළ එම තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා මීට කාලයකට පෙර කඩා ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේම තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයකින් යුක්තව අධිකරණ අමාත්‍යාංශය මඟින් නව අධිකරණ සංකීර්ණයක් ඉදිකර තිබේ.
තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයකින් යුත් තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිලි සංකීර්ණයේ මහේස්ත්‍රාත් දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වේ. මෙම අධිකරණ සංකීර්ණයට තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි. දැනට තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක තාවකාලීකව පවත්වා ගෙන යනු ලබයි. එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා එන මහජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ පැරණි අධිකරණය තිබූ ස්ථානයේ ඉදිකර තිබෙන නව අධිකරණ සංකීර්ණය යථා කාලයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කරල්ලියද්ද සමූහ කේ. විජේසිරි නිශ්ශංක