කුරුණෑගල අධ්‍යාපන කලාපයේ මාවතගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කළ තූර්ය වාදක කණ්ඩායම් තරග සඳහා පාසල් 19ක් සහභාගී වී සිටි අතර ජයග්‍රහණය කළ කණ්ඩායම් 5 අතරට මාවතගම යටිවල ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමත් ඇතුළත් වී තිබේ.
ග්‍රාමීය පාසලක් වන මෙම පාසලට අනුයුක්තව සේවය කරන සංගීත ආචාර්ය නිරංජනී සමන් කුමාරි මහත්මිය තූර්ය වාදන භාණ්ඩ එකින් එක රැස් කර ගනිමින් විද්‍යාලයේ වාදක කණ්ඩායමක් නිර්මාණය කර පුහුණු කළද තරග සඳහා ඉදිරිපත් වීමට දරුවන්ට ඇඳුම් කට්ටලයක් නොමැති වීම ගැටලුවක් විය.
එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් විසින් රුපියල් දෙලක්ෂ විසිදහසක් එකතු කර මෙම ඇඳුම් කට්ටලය මසා නිම කර දරුවන් සඳහා පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව කලාප තරග සඳහා එම දරුවන්ට සහභාගී වීමට හැකියාව ලැබුණු බව විදුහල්පති වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේ පැවසූහ.
මාවතගම ආනන්ද විජේතිලක