Home » පෙම්වතිය අමනාප වූවයි එක් දරු පියා එල්ලී දිවි නහගෙන

පෙම්වතිය අමනාප වූවයි එක් දරු පියා එල්ලී දිවි නහගෙන

by sachintha
March 25, 2024 1:45 am 0 comment

 

දික්කසාද වී සිටින 41 හැවිරිදි පෙම්වතිය අමනාප වී නිවෙසට ගියා යැයි 28 හැවිරිදි එක් දරු පියා පෙරේදා (23) පින්නවල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලක එල්ලී සියදිවි හානි කරගෙන ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි පින්නවල ප්‍රදේශයේ හෝටලයක වේටර්වරයෙකු ලෙස සේවය කරමින් සිටි 28 හැවිරිදි එක් දරු පියෙකි.

මිය ගොස් ඇති 28 හැවිරිදි එක් දරු පියා මහනුවර ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ උපන්නෙකු බවත් පසුව රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ හෝටලයකට පැමිණ වේටර්වරයෙකු ලෙස සේවය කරමින් සිටිය දී වයස අවුරුදු 20 දී පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටින 48 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී එම කාන්තාවගේ නිවෙසේ පදිංචිව සිට ඇති බව පොලිසිය පැවසීය. දැනට මරණකරුට වයස අවුරුදු 06ක දියණියක් සිටින බවත් බිරිය පසුව වෙන් වී නඩත්තු නඩුවක් ද දමා තිබේ. පසුව 28 හැවිරිදි එක් දරු පියා සේවය කරමින් සිටි හෝටලයේ තෙවැනි මහලේ පවත්වාගෙන ගිය ස්පා සම්බාහන ආයතනයක සේවය කරමින් සිටි පූගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක් සමඟ මීට මාස හයකට පමණ ඉහතදී සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

පෙරේදා (23) සවස දෙවැනි අනියම් බිරිය පූගොඩ නිවෙසට ගිය අවස්ථාවේ දී තදින්ම මත්පැන් පානය කර ඇති එක් දරු පියා ඇඳ ඇතිරිල්ලකින් හෝටලයේ දෙවැනි මහලෙන් පිටත ඇති ආරක්ෂක වැටක ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව රඹුක්කන හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර වැඩිදුරටත් පරීක්ෂණ සඳහා දේහය ඊයේ (24) කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබුණි. කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් ලයනල් (22116) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT