143
වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සරත් වික්‍රමපාලයන්ගේ කුලුඳුල් නවකතාව “බෝ” අද (25) ප.ව. 2.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩී.
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ මෙහිදී ප්‍රධාන දේශනය පවත්වති. ඒ සමඟම නවකතාව සම්බන්ධයෙන් විවරණයක් සහ සහෘද හමුවක් ද පැවැත්වේ.
කුඩා කල සිටම ලේඛනය කෙරෙහි උනන්දුවක් හැකියාවක් දැක්වූ සරත් වික්‍රමපාලයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථයෙකි. ඔහු පැල්මඬුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්ද වෙයි.
ජයසිරි මුණසිංහ