Home » සාමදාන විනිශ්චයකාර පදවි ලබයි

සාමදාන විනිශ්චයකාර පදවි ලබයි

by sachintha
March 25, 2024 1:54 am 0 comment

අංක 403/03, නවතල්වත්ත ලිපිනයෙහි පදිංචි එම්.ඩී. ධර්මසිරි මහතා කුරුණෑගල දිසා අධිකරණයේදී පසුගියදා අතිරේක දිසා විනිසුරු ජනනි එස්. විජේතුංග මහත්මිය ඉදිරියේ මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

මේ දක්වා අධිකරණ කලාපය තුළ සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස කටයුතු කළ ඔහු අලව්ව සමථ මූල මණ්ඩලයේ ප්‍රධාන සමථකාරවරයකු ද වේ. ඔහු වෑවල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. සමාජ සේවයේ නිරත වන මොහු ප්‍රදේශයේ ප්‍රවීණ මංගල පෝරු අෂ්ඨක චාරිත්‍රවේදියකු, ජෝතිෂ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර මේ වන විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහකාර කළමනාකාරවරයකු ලෙස ද සේවය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT