Home » කමිඳු මන්කාඩයෙන් ගැලවෙයි

කමිඳු මන්කාඩයෙන් ගැලවෙයි

by sachintha
March 25, 2024 1:41 am 0 comment

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කමිඳු මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට වේග පන්දු යවන කලීඩ් අහමඩ් ගත් උත්සාහය අසාර්ථක වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 63 වැනි ඕවරයේ සිව්වැනි පන්දුව යැවීමට දිව ආ කලීඩ් පන්දුව කඩුල්ලට දමා ගැසූ අතර, පන්දුව කඩුල්ලේ නොවැදීමෙන් කමිඳුට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාව උදා විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 231ක් වූ අතර කමිඳු මෙන්ඩිස් රැස් කර ගෙන සිටියේ ලකුණු 49ක් පමණි. කලීඩ් පන්දුව කඩුල්ලට එල්ල කරන අවස්ථාවේ කමිඳු සිය සීමාවෙන් එපිටට ගොස් තිබිණි. කෙසේ වෙතත් මින් ගැලවුණු කමිඳු සිය ඉනිම නිමා කළේ වාර්තා පිට වාර්තා රැසකට හිමිකම් කියමිනි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT