Sunday, May 11, 2025
Home » මොරාලෙස්ගෙන් මීටර් 400 නව ලෝක වාර්තාවක්

මොරාලෙස්ගෙන් මීටර් 400 නව ලෝක වාර්තාවක්

by sachintha
March 25, 2024 1:52 am 0 comment

කැනේඩියානු යොවුන් ක්‍රීඩක ක්‍රිස්ටෝපර් මොරාලෙස් මීටර් 400 ඉසව්වේ නව ලෝක ගෘහස්ථ වාර්තාවක් පිහිටුවූයේ ආර්කන්සාස් හි පැවති එක්සත් ජනපද විද්‍යාපීඨ තරගාවලියේදී තත්පර 44.49කින් ජයග්‍රහණය කරමිනි.

ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු වන 19 හැවිරිදි මොරාලෙස් රන් පදක්කම දිනා ගනිද්දී ජෙවෝන් පවෙල් තත්පර 45.61කින් දෙවැනි ස්ථානය හා ක්‍රිස් රොබින්සන් 45.62 කින් තෙවැනි ස්ථානයට පත් වූහ. 2018 වසරේදී අ‍ෙමරිකානු කෙටි දුර ධාවන ක්‍රීඩක මයිකල් නෝමන් විසින් තත්පර 44.52කින් මෙහි ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT