Home » ජීවිතාන්ත තහනමෙන් මිදුණු කපිල කුමාර කායවර්ධන ලේකම් තනතුරට ඉල්ලයි – එල්ලේ ගහපු රන්දීර් බර උස්සන්න යයි

ජීවිතාන්ත තහනමෙන් මිදුණු කපිල කුමාර කායවර්ධන ලේකම් තනතුරට ඉල්ලයි – එල්ලේ ගහපු රන්දීර් බර උස්සන්න යයි

by sachintha
March 25, 2024 1:43 am 0 comment

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සියලු තනතුරු නිතරගයෙන් පත්ව තිබියදී ලේකම් තනතුරට පමණක් හිටපු සභාපතිවරයෙකු වූ කපිල කුමාර මහතා හා දැනට ලේකම් තනතුරේ සිටින කේ. එම්. ඩී. සිල්වා මහතා අතර සටනක් නිර්මාණය වී තිබේ. බැලූ බැල්මට තරගයක් ලෙස පෙණුනද කපිල කුමාර මහතාට තනතුර ලබාදී කේ. එම්. ඩී. සිල්වා මහතා අවසන් මොහොතේ ඉල්ලා අස්වීමේ සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය මේ 28 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වෙන අතර දිස්ත්‍රික් සංගම් 10ක් හා ක්‍රීඩා සංගම් 3ක් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

මෙවර ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති තනතුරට එල්ලේ සංගමයේ හිටපු ලේකම් රන්දීර් රුද්‍රිගූ මහතා නිතරගයෙන් තේරී පත්ව සිටී. ඒ මහතා පසුගිය කාලය පුරා කායවර්ධන සම්මේලනයේ විවිධ උත්සව සඳහා මූල්‍ය දායකත්වය ලබාදී තිබිණි.

ලේකම් තනතුරට නාමයෝජනා ලබාදී ඇති කපිල කුමාර මහතා 2001 වසරේ සිට අවස්ථා 3කදී සභාපති ලෙස කටයුතු කළ අතර 2004 දකුණු ආසියා කායවර්ධන ශූරතාවලිය හා 2016 දී මිස්ට ඒෂියා තරගාවලිය මෙරටදී සංවිධානය කළේය. 2007 වසරේ සිට කායවර්ධන ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කරගැනීමට කටයුතු කළේද ඒ මහතා විසිනි. එහෙත් 2017දී හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙකු විසින් කපිල කුමාර මහතාට ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් ලබාදුන් අතර පසුව අධිකරණය මඟින් තහනම ඉවත් කළේය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නාමයෝජනා මෙසේ:

සභාපති (තනතුරු 1යි) – රන්දීර් රුද්‍රිගූ (ගම්පහ සංගමය), ලේකම් – කපිල කුමාර , කේ. එම්. ඩී. සිල්වා, භාණ්ඩාගාරික – සිසිර සමන්සිරි, උප සභාපතිවරු (තනතුරු 3යි) – නිහාල් වීරතුංග, ලයනල් කුමාර, උප ලේකම් – කේ. පී. පී. චතුරංග, උප භාණ්ඩාගාරික – කිත්සිරි බණ්ඩාර

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT