Home » සිධුගේ අයිපීඑල් ගාස්තුව දිනකට රුපියල් ලක්ෂ 90යි

සිධුගේ අයිපීඑල් ගාස්තුව දිනකට රුපියල් ලක්ෂ 90යි

by sachintha
March 25, 2024 1:44 am 0 comment

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නව්ජොට් සිං සිධු අයිපීඑල් තරගාවලියේ විස්තර ප්‍රකාශකයෙකු ලෙස එක්ව සිටින අතර තරගයක් වෙනුවෙන් ඔහු අයකරන ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 25කි (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 90කි).

විස්තර විචාරක කුටියෙන් ඈත්ව සිටි ඔහු වසර 10කට පමණ පසු යළි අයිපීඑල් පිටියේ දක්නට ලැබේ. ඔහුගේ අද්විතීය වාක්‍ය ඛණ්ඩ හා රිද්මය ක්‍රීඩාවේ අපූර්වත්වය මවාපාන බව විශ්වාසය වී තිබේ.

“මම අයිපීඑල් සඳහා දිනකට රුපියල් ලක්ෂ 25ක් ලබා ගන්නවා. ඒත් තෘප්තිය මුදල් නොවේ. තෘප්තිය වූයේ කාලය ඉගිලී යාමයි. එය ලස්සනයි” ඔහු පීටීඅයි පුවත් සේවයට පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT