Thursday, May 15, 2025
Home » කෙහෙ­ළි­යගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍ර­භ කරන්න

කෙහෙ­ළි­යගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍ර­භ කරන්න

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම

by Gayan Abeykoon
March 26, 2024 1:25 am 0 comment

චන්දන ජය­වීර

ක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට ඇප දෙන ලෙස ඉල්ලා ඉදි­රි­පත් කර ඇති සංශෝ­ධිත ඇප ඉල්ලීම අවශ්‍ය ලේඛන ගොනු කිරී­මෙන් තොරව ඉදි­රි­පත් කර ඇති ඉල්ලී­මක් නිසා විභා­ග­යට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මෙන­විය ඊයේ (22දා) කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහ­තා­ගෙන් ඉල්ලා සිටි­යාය.

ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මෙර­ටට ආන­ය­නය කර රජයේ රෝහ­ල්ව­ලට බෙදා හැරීම මඟින් රුපි­යල් කෝටි ගණ­නක වංචා­වක් සිදු කිරීම හා රෝගී ජීවිත අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීති­ඥ­යන් ගොනු­කළ ඉල්ලී­මක් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා ඉදි­රියේ විභා­ග­යට ගත් අව­ස්ථාවේ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මෙන­විය මේ බව සැල­කර සිටි­යාය.ඉන්දි­යානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදි­රි­ප­ත්කර ප්‍රමි­ති­යෙන් තොර “ඉමි­යු­නෝ­ග්ලො­බින්” නමැති ප්‍රති­දේහ එන්නත් ආන­ය­නය කළ බවට හා ඒවා රජයේ රෝහ­ල්ව­ලට බෙදා­හැ­රීම මගින් රෝගී ජීවිත අන­තුරේ හෙලීම,  රජ­යට වංචා කිරීම යන චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය ඇතුළු 7දෙනකු රහස් පොලි­සිය විසින් විම­ර්ශන සඳහා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගන්නා ලදී.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින එම සැක­ක­රු­වන්ට ඕනෑම කොන්දේ­සි­යක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලී­මක් විභාග කළ මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම මහ­ත්මිය පසු­ගිය 14දා නඩු විභා­ගය නිම­ව­න­තෙක් විත්ති­ක­රු­වන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළාය.

ඇප නියෝ­ගය ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සඳ­හන් කළේ  පොදු දේපළ පනතේ සැක­ක­රු­වකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රක්ෂිත බන්ධ­නා­ගාර ගත කළ විට ඇප­මත මුදා හැරීම සඳහා සුවි­ශේෂි කරුණු ඉදි­රි­පත් කිරීම අත්‍ය­වශ්‍ය බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT