මොස්කව් නුවරට ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ශාඛාවකින් බවත්, එම ශාඛාවේ සාමාජිකයන් පැරිස් නුවරට එවැනිම ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ බව ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොස්කව් නුවරට ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අයිඑස් ත්රස්තයන් බවට සිය බුද්ධි අංශ මඟින් තොරතුරු ලැබී ඇතැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එබැවින් එම ප්‍රහාරය යුක්රේනය විසින් සිදු කළ බවට ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කරමින් යුක්රේනයට පහර දීමට සූදානම් නොවන ලෙසත් ප්‍රංශ ජනාධිපතිවරයා රුසියාවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
මේ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට ඕනෑම ආකාරයකින් සහාය දීමට ප්‍රංශය සූදානම් බව රුසියානු ආරක්ෂක අංශවලට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කර තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ මේ සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව ද වාර්තා වේ.
යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඉවත්වන්නැයි ඉල්ලා සිටීමට ප්‍රංශ ජනාධිපතිවරයා 2022 වසරේදී අවස්ථා ගණනාවකදීම උත්සාහ දරා ඇතැයි ද, ඉන් අනතුරුව මෙතෙක් ඔහු කිසිදු අවස්ථාවක පුටින් සමඟ සාකච්ඡා කිරිමට උත්සාහ දරා නැතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.