Saturday, May 10, 2025
Home » මොස්කව් ප්‍රහා­ර­යෙන් මිය ගිය ගණන 140ට නඟී
ත්‍රස්ත­යෝ සිව්දෙනාට නොසෑහෙන්න සැලකුම්

මොස්කව් ප්‍රහා­ර­යෙන් මිය ගිය ගණන 140ට නඟී

මැයි 22 දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන්නත් උසාවියෙන් අවසර

by Gayan Abeykoon
March 26, 2024 1:30 am 0 comment

රුසි­යාවේ  මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට  පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ  ප්‍රහා­රය එල්ල වූයේ පසු­ගිය සිකු­රාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි  හෝල්‘ ශාලාවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සංගීත ප්‍රසං­ග­යක් නැරැ­ඹී­මට පැමිණි  දහස් සංඛ්‍යාත පිරි­සක් ඉලක්ක කර­මිනි. ප්‍රසංග ශාලා­වට එක්රැස් වී සිටි  පිරි­සට  විවෘත වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් පසු පලා ගිය තුව­ක්කු­ක­රු­වන්  සිව්දෙනා මොස්කව් නුව­රට කිලෝ­මී­ටර් 340ක් දුරින් මාර්ග බාධ­ක­ය­කදී පසුව  අත්අ­ඩං­ගු­වට පත්වූ අතර, ඊයේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ බව වාර්තා වේ.  අත්අ­ඩං­ගු­වට පත් වූ ත්‍රස්ත­වා­දීන් සිව්දෙ­නාට මූලික විම­ර්ශ­නය අත­ර­තුර පහ­ර­දී­මක්  සිදුවී ඇති බවත්, එක් ත්‍රස්ත­වා­දි­යකු අධි­ක­ර­ණ­යට රැගෙන එනු ලැබුවේ රෝද  පුටු­වක ආධා­ර­යෙන් බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔවුන් මැයි මස 22  දක්වා රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට අධි­ක­ර­ණයේ අව­ස­රය ලැබී ඇතැයි ද වාර්තා වේ.

මොස්කව්  ප්‍රහා­රයේ වග­කීම අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය භාර ගත් බවට නිවේ­ද­න­යක් නිකුත් කර  ඇතැයි ද, එම නිවේ­ද­නය රුසි­යාව මෙතෙක් පිළි­ගෙන නැතැයි ද බීබීසී පුවත් සේවය  වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ක්‍රෙම­ලී­නයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් ඊයේ  මාධ්‍ය හමු­ව­කදී සඳ­හන් කර ඇත්තේ පරී­ක්ෂණ කට­යුතු අව­සන් වන­ තුරු ඒ පිළි­බඳ  ප්‍රකා­ශ­යක් නිකුත් කිරිම සුදුසු නොවන බවය.  වර්ත­මා­නය වන විට ලොව පුරා රට­වල්  රැසක් යුද ගැටු­ම්ව­ලට මැදිවී සිටින බැවින් ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ගෝලීය වශ­යෙන්  එක්ව කට­යුතු කිරීම ඉතා පහළ මට්ට­මක පව­තින බවත් ක්‍රෙම­ලී­නයේ ප්‍රකා­ශ­කයා  සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. මේ ප්‍රහා­ර­යේදී ත්‍රස්ත­වා­දීන් ප්‍රසංග ශාලා­වට ද  ගිනි තබා විනාශ කර තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT