Saturday, May 10, 2025
Home » චීනයේ ආර්ථික වර්ධනය වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් – ලෝක බැංකු සභාපති කියයි

චීනයේ ආර්ථික වර්ධනය වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් – ලෝක බැංකු සභාපති කියයි

by chanaka
March 26, 2024 8:52 am 0 comment

චීනයේ කැපීපෙනෙන ආර්ථික වර්ධනය, ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මැනැවින් සනාථ කර ඇතැයි ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

“ චීනයේ තිරසර සංවර්ධන හැකියාව සහ අපේක්ෂා” යන තේමාවෙන් 24 වැනිදා පැවති, චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය.

පසුගිය දශක කිහිපය තුළ චීනය ගෝලීය වශයෙන් කීර්තිමත් සංවර්ධනයක් තහවුරු කර ඇති අතර, රැකියා විශාල ප්‍රමාණයක් ද නිර්මාණය කර තිබේ. එමෙන්ම ගෝලීය දරිද්‍රතා අනුපාතය 44% සිට 9% දක්වා අඩු කිරීමට ද චීනය සහය වී ඇති බව අජේ බංගා පැවසීය. මීට වසර දහයකට පෙර චීනය බරපතල වායු දූෂණ ගැටළුවලට මුහුණ දුන් නමුත්, මේ වනවිට “නිල් අහස” චීනයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.

චීනය, ලෝක බැංකු ආධාර ලබන්නෙකුගේ සිට එහි විශාලතම පරිත්‍යාගශීලියෙකු දක්වා පරිවර්තනය වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් ඉතියෝපියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තුර්කිය සහ වියට්නාමය ඇතුළු බොහෝ රටවලට ද හඳුන්වා දී තිබේ.

ආර්ථික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමබරව පවත්වා ගෙන යා හැකි බව ද චීනය ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇතැයි ලෝක බැංකු සභාපතිවරයා කියාසිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT