Home » ඔන්ලයින් පනත් කෙටු­ම්පත සම්මත කළ ආකාරයට විරුද්ධ පෙත්සම් විභා­ග­යට දින දෙයි

ඔන්ලයින් පනත් කෙටු­ම්පත සම්මත කළ ආකාරයට විරුද්ධ පෙත්සම් විභා­ග­යට දින දෙයි

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

මාර්ග­ගත ක්‍රම­වල සුර­ක්ෂි­ත­තාව පිළි­බඳ පනත් කෙටු­ම්පත (on line safety bill) පාර්ලි­මේ­න්තු­වේදී සම්මත කළ ආකා­රය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැනි යැයි තීන්දු­වක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු­කර තිබෙන මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ ලබන ජූලි මස 24 වැනිදා සලකා බැලී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (25) තීර­ණය කළේය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු එස්. තුරෙ­යි­රාජා මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුතුව ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණ­රත්න, අචල වෙංග­ප්පුලි සහ මහින්ද සම­ය­ව­ර්ධන යන මහ­ත්ව­රු­න්ගෙන් එම පංච­පු­ද්ගල විනි­සුරු මඬුල්ල සම­න්විත වේ.

ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ආය­ත­නය ඇතුළු පාර්ශ්ව කිහි­ප­යක් විසින් ගොනු කර ඇති අදාළ පෙත්සම් එම විනි­සුරු මඬුල්ල හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කරන ලදි. එහිදී විනි­සුරු මඬුල්ල නියෝග කළේ අදාළ පෙත්සම්හි කරුණු තහ­වුරු කිරීම සඳහා ලබන ජූලි 24 දින කැඳ­වන ලෙසය.

මාර්ග­ගත ක්‍රම­වල සුර­ක්ෂි­ත­තාව පිළි­බඳ පනත් කෙටු­ම්ප­තට එරෙ­හිව ගොනු කළ පෙත්සම් විභා­ග­යෙන් පසුව එහි ඇතු­ළත් වග­න්ති­වල ව්‍යව­ස්ථා­නු­කූ­ල­භා­වය පිළි­බඳ සිය තීන්දුව කථා­නා­ය­ක­ව­ර­යාට දන්වා යවන ලදි. එහෙත් එම පනත් කෙටු­ම්පත සම්මත කිරී­මේදී පාර්ලි­මේ­න්තුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ලබා දුන් සංශෝ­ධන ඊට ඇතු­ළත් කර නොමැති බවට මෙම පෙත්සම් මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටු­ම්පත සම්මත කළ ආකා­රය සහ ඊට අත්සන් තැබී­මට කථා­නා­ය­ක­ව­රයා ගනු ලැබූ තීර­ණය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැනි බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත. එසේම එම පනත් කෙටු­ම්පත සම්මත කළ ආකා­රය මඟින් මෙරට ජනා­ධි­පති මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බවට තීන්දු­වක් ලබා දෙන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් විරාජ් දයා­රත්න මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT