Home » දේශ­පා­ලන පළි­ගැ­නීම් කොමි­ස­මෙන් ජන­පති රනිල් – අනුර කුමාර ඇතුළු 6කට දුන් තීන්දුව බල­ර­හිත කරයි

දේශ­පා­ලන පළි­ගැ­නීම් කොමි­ස­මෙන් ජන­පති රනිල් – අනුර කුමාර ඇතුළු 6කට දුන් තීන්දුව බල­ර­හිත කරයි

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

යහ­පා­ලන කාලයේ දී සිදු වූ  දේශ­පා­ලන පළි­ගැ­නීම් පිළි­බ­ඳව සොයා බැලී­මට  හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ උපාලි අබේ­රත්න ජනා­ධි­පති විම­ර්ශන කොමි­සමේ වාර්තාව මගින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක ඇතුළු හය දෙනකු සම්බ­න්ධ­යෙන් සිදු­කර ඇති සොයා ගැනීම්, තීරණ සහ නිර්දේශ බල­ර­හිත කරන සර්ටි­යෝ­රාරි රිට් ආඥා­වක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් ඊයේ (25) නිකුත් කරන ලදි.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා, හිටපු හමු­දා­පති සරත් ෆොන්සේකා මහතා, ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් වන ජය­ම්පති වික්‍ර­ම­රත්න, ජේ. සී. වැලි­අ­මුණ යන මහ­ත්ව­රුන් සම්බ­න්ධ­යෙන් අදාළ වාර්තාව මගින් කර ඇති නිර්දේශ සහ සොයා­ගැ­නීම් මෙලෙස බල­ර­හිත කර­මින් වෙන් වෙන් වශ­යෙන් රිට් ආඥා නිකුත් කෙරිණි.

අදාළ වාර්තාව මත පද­නම්ව ඔවුන් සම්බ­න්ධ­යෙන් ඉදිරි පිය­වර ගැනී­මෙන් බල­ධා­රීන් වළ­ක්වන ප්‍රොහි­බි­ෂන් රිට් ආඥා­වක් ද නිකුත් කරන ලදි.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු නිශ්ශංක බන්දුල කරු­ණා­රත්න සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එම්. සම­ර­කෝන් සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ලෆාර් තාහීර් යන මහ­ත්ව­රුන් පෙත්සම් සම්බ­න්ධ­යෙන් වන සිය ඒක­ම­තික තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මෙම රිට් ආඥා නිකුත් කරන ලදි.

අදාළ කොමි­සමේ නිර්දේශ බල­ර­හිත කරන ලෙස ඉල්ලා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා, හිටපු හමු­දා­පති සරත් ෆොන්සේකා මහතා, ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් වන ජය­ම්පති වික්‍ර­ම­රත්න, ජේ. සී. වැලි­අ­මුණ විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් 08ක විභා­ගය අව­සන් කර­මින් මෙම රිට් ආඥා නිකුත් කරන ලදි. අදාළ පෙත්ස­ම්ව­ලට අදා­ළව නඩු තීන්දු අටක් ප්‍රකා­ශ­යට පත් කෙරිණි.

මෙම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස දේශ­පා­ලන පළි­ගැ­නීම් විම­ර්ශන කොමි­සමේ සභා­පති විශ්‍රා­මික ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු උපාලි අබේ­රත්න, සාමා­ජි­ක­යින් වන චන්ද්‍ර­සිරි ජය­ති­ලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමි­සමේ ලේකම් හා ජනා­ධි­පති ලේක­ම්ව­රයා නම් කර සිටි­යහ.

අග­මැ­තිව සිටි­යදී රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු සෙසු පෙත්ස­ම්ක­රු­වන් විසින් සිය පෙත්සම් ඉදි­රි­පත් කර තිබුණේ අදාළ කොමි­ස­මට කැඳවූ අව­ස්ථා­වේදී තමන්ට චෝදනා පත්‍ර­යක් හෝ පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් නොවූ බව සඳ­හන් කර­මිනි.

එහෙත් එම කොමි­සමේ වාර්තා­වෙහි තමන්ට එරෙ­හිව සොයා­ගැ­නීම් සහ නිර්දේශ සඳ­හන් කර ඇති අතර එම­කො­මි­සම විම­ර්ශ­නය කළ ආකා­රය සම්පූ­ර්ණ­යෙන්ම නීති­යට පට­හැනි යැයි ද තමන්ට පැවරී ඇති බල­තල ඉක්මවා ඔවුන් ක්‍රියා­කර ඇතැයි ද පෙත්සම් මඟින් පෙන්වා දී තිබිණි.

එම කොමි­සමේ විම­ර්ශන, නිර්දේශ සහ සොයා­ගැ­නීම් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැනි බැවින් ඒවා බල­ර­හිත කරන රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස ද එම නිර්දේශ මත කට­යුතු කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා තිබුණි.

පෙත්සම් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල තීර­ණය කර ඇත්තේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු සෙසු පෙත්ස­ම්ක­රු­වන් කොමි­සන් සභා­වට කැඳ­වී­ම­කින් තොරව ඔවුන් සම්බ­න්ධ­යෙන් නිර්දේශ ලබා­දී­මට කට­යුතු කිරීම අසා­ධා­රණ සහ අත්ත­නෝ­ම­තික ක්‍රියා­වක් බවය.

එබැ­වින් එම කොමි­සමේ නිර්දේශ සහ සොයා ගැනීම් සහ තීරණ අව­ලංගු කිරී­මට අධි­ක­ර­ණය මැලි නොවන බව ද අදාළ තීන්දුවේ සඳ­හන් වේ. විදා­න­ප­ති­රණ නීතිඥ සමා­ගමේ උප­දෙස් මත ජනා­ධි­පති නීතිඥ ෆායිස් මුස්තාපා සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් පෙනී සිටි­යහ.

අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් මිලින්ද ගුණ­ති­ලක මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT