Home » ජයශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ ආර­ක්ෂා­වට සිටින පොලිස් නිල­ධා­රීන්ට නව නිල ඇඳු­මක්

ජයශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ ආර­ක්ෂා­වට සිටින පොලිස් නිල­ධා­රීන්ට නව නිල ඇඳු­මක්

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

අමිල ප්රභාත් වන­සිංහ - අනු­රා­ධ­පුර අති­රේක

ජයශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ ආර­ක්ෂා­වට යොදවා සිටින පොලිස් නිල­ධා­රීන් සඳහා නව නිල ඇඳු­මක් හඳුන්වා දී තිබේ.

අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහි­මි­පා­ණන් වහන්සේ, පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් හා මහ­ජන ආර­ක්ෂාව පිළි­බඳ ඇමැති ටිරාන් අලස් යන මහ­ත්ව­රු­න්ගෙන් කළ ඉල්ලී­ම­කට අනුව උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ ආර­ක්ෂාව සඳහා රාජ­කා­රි­යෙහි නිර­තව සිටින පොලිස් නිල­ධා­රීන් සඳහා ‘සුදු පැහැති නව නිල ඇඳු­මක්’ හඳුන්වා දීම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­ය­සදී සිදු කෙරිණි.

අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ පූර්ණ අධී­ක්ෂ­ණය යටතේ මෙය සිදු කෙරුණු අතර උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ හා පැමි­ණෙන බැති­ම­තුන්ගේ ආර­ක්ෂාව සඳහා ගෞර­වා­න්විත සේවා­වක් ලබා­දීම මෙහි අර­මුණ වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT