Thursday, May 15, 2025
Home » ලෝක නාට්‍ය දින සැම­රුම් උත්ස­වය හෙට එල්ෆි­න්ස්ටන් රඟ­හ­ලේදී

ලෝක නාට්‍ය දින සැම­රුම් උත්ස­වය හෙට එල්ෆි­න්ස්ටන් රඟ­හ­ලේදී

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

උපාලි කරු­ණා­රත්න

ලෝක නාට්‍ය දින සැම­රුම් උත්ස­වය හෙට (27) පෙර­වරු 9.00ට මර­දාන එල්ෆි­න්ස්ටන් රඟ­හ­ලේදී පැවැත්වේ.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්, පාසල් සිසුන් ප්‍රවීණ නාට්‍ය­ක­රු­වන්, අමා­ත්‍යාංශ නිල­ධා­රීන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් මෙය පැවැ­ත්වෙන අතර ජාත්‍ය­න්තර රංග කලා ආය­ත­නයේ (ITI) මෙරට නියෝ­ජි­තයා ලෙසින් ටවර් හෝල් රඟ­හල පද­නම මෙම සැම­රුම් උත්ස­වය වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබයි.

ප්‍රවීණ නාට්‍ය­වේදී චාමික හත්ල­හ­වත්ත මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන්, ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ සිසු දරු දැරි­යන් නිර්මා­ණය කර නිෂ්පා­ද­නය කරනු ලැබූ සිහින ලන්තෑ­රුම, Lilly’s Magic World, මායා පින්සල හා කිඩා­රම් යන ළමා නාට්‍ය මෙදින නොමිලේ වේදිකා ගත කිරී­මට නිය­මි­තය. මෙම උලෙළේ මුඛ්‍ය දේශ­නය පව­ත්වනු ලබන්නේ රාජ්‍ය නාට්‍ය උප­දේ­ශක සභාවේ සභා­පති, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ නාට්‍ය හා රංග කලා අධ්‍ය­යන අංශයේ හිටපු අංශා­ධි­පති චන්ද්‍ර­සිරි බෝග­මුව මහතා විසිනි. ලෝක නාට්‍ය දිනය නිමි­ත්තෙන් ජාත්‍ය­න්තර රංග කලා ආය­ත­නය සෑම වස­ර­කම ජාත්‍ය­න්තර තලයේ නාට්‍ය­ක­රු­වකු රචිත නාට්‍ය දින පණි­වි­ඩ­යක් නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත්කර එය සිය සාමා­ජික රට­වල් වෙත බෙදා හරියි. මෙවර ලෝක නාට්‍ය දින පණි­වි­ඩය ඉදි­රි­පත් කර ඇත්තේ නෝර්වී­ජි­යානු ජාතික ලේඛ­ක­යකු වන ජොන් ෆොසේ (Mr. Jon Fosse) මහතා විසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT