Saturday, May 10, 2025
Home » ඉන්දුනීසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දුනීසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

by yasara
March 26, 2024 8:50 am 0 comment

ඉන්දුනීසියානු තානාපතිනි,  Dewi Gustina Tobing මහත්මිය ඊයේ ( 25) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව,ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දුනීසියානු තානාපතිවරිය සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර,විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව සහ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට ඉන්දුනීසියානු රජය දක්වන උනන්දුව පිළිබඳව සිය ප්‍රණාමය පළ කළේය.

හමුදා පුහුණුව,උපායමාර්ගික හවුල්කාරිත්වය සහ ආරක්‍ෂක කටයුතු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම හමුවට එක් විය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT