පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් කිතුනු දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයන් හා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂාව ඇතුළු දේවස්ථානවල ඉල්ලීම පරිදි ආරක්ෂක ක්‍රමවේදයන් යොදන ලෙස පොලිස්පතිවරයා සියලු ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් දී ඇත
මෙම ආරක්ෂක සැලැස්ම යටතේ,ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී තිබේ.
එසේම ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් ද සමග සාකච්ඡා කර ඔවුන්ගේ ද සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත.
2024.03.26 සහ 2024.03.27 යන දෙදින තුල දිවයිනේ සියළුම මු.පො.ප/ ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියළු කතෝලික/ ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පුද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවී 2024.03.29 දින සිට 2024.03.31 දින දක්වා කාලසීමාව තුල මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.
එසේම, 2024.03.26 සහ 27 යන දෙදින තුල පොලිස් ස්ථාන අධික්ෂණය කරන දිස්ත්රික්භාර නිලධාරින්ද තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් ඉහත පරිදි පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාල ආරක්ෂක කටයුතු පිලිබදව පුද්ගලිකවම සොයා බලන ලෙසටත් එමගින් උපදෙස් ලබාදී තිබේ.
මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරික්ෂාවකට ලක් කිරිම, දේව මෙහෙයන් සදහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරික්ෂාවකට ලක්කොට දේවස්ථානයට ඇතුල් කිරිම අවශ්‍ය බව හැගේනම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සදහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කිරිමටත්, ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරින්ද සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.