Home » කලා­පයේ මත්ලෝ­ලීන්ට පෙති විකුණූ 10ක් මාට්ටු

කලා­පයේ මත්ලෝ­ලීන්ට පෙති විකුණූ 10ක් මාට්ටු

ජාවා­රම මෙහෙ­යවූ ඔසු­සලක හිමිකරුත් අත්අඩංගුවට

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

 

කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පයේ සේවයේ නිරත මත්පෙති සඳහා ඇබ්බැහි වූ තරු­ණ­යන් වෙත ඒවා අලෙවි කළ ඔසු­සල් හිමි­යෙකු ඇතුළු දස දෙනෙකු කටු­නා­යක පොලි­සිය මගින් ඉකුත් 24 දින අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියා­ත්මක යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව කටු­නා­යක පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් ක්‍රියා­ත්මක කරන ලද මෙහෙ­යු­මක දී කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පය තුළ සේවයේ නිරත මත්ලෝලී තරු­ණ­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔවුන් රඳවා තබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම තරු­ණ­යන් හට මත්පෙති සප­යන කටු­නා­යක ඇව­රි­වත්ත නග­රයේ ප්‍රධාන ඇඟ­ලුම් අලෙ­වි­ස­ලක සේව­ක­යින් සිවු දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ.

ඔවු­න්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කර ගෙන යාමේදී කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පයේ තරු­ණ­යන්ට මත්පෙති අලෙවි කරන බට­හිර ඔසු­සල සහ මෙම ජාවා­රම මෙහෙ­ය­වන එම වෙළෙ­ඳ­සලේ හිමි­කරු ද පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වනු ලැබීය.

ඔහුට මෙම ඖෂධ අලෙ­වි­සල පව­ත්වා­ගෙන යාම සඳහා නීත්‍යා­නු­කූල වෙළෙඳ බල­ප­ත්‍ර­යක් නොති­බුණු අතර එහි සේවය කිරීම සඳහා සුදු­සු­කම් ලත් ඖෂ­ධ­වේ­දි­යකු සහ බට­හිර ඖෂධ අලෙවි කිරීම සඳහා ද ඖෂධ බල­ප­ත්‍ර­යක් ද තිබී නොමැත.

පසුව සීදූව ප්‍රාදේ­ශීය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රි­ව­රයා ද කැඳවා මෙම ඖෂධ වෙළෙඳ සල පරි­ක්ෂා­වට ලක් කළ අතර එහිදී මත්පෙති සහ අලෙවි කර අව­සන් කර තිබූ හිස් මත්පෙති කාඩ්පත් විශාල ප්‍රමා­ණ­යක් ද සොයා ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ප්‍රාදේ­ශීය සෞඛ්‍ය වෛද්‍ය­ව­ර­යාගේ සහ මීග­මුව සහ­කාර පොලිස් අධි­කාරි රත්නා­යක මහ­තාගේ උප­දෙස් මත මෙම ඔසු­සල වසා මුද්‍රා තැබී­මට ද කටු­නා­යක පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිය­වර ගෙන තිබුණි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් ඔසු­සලේ හිමි­කරු ඇතුළු අනෙ­කුත් පුද්ග­ල­යන් දස දෙනා මිනු­ව­න්ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබූ අතර, ඔවුන් එළැ­ඹෙන 04/01 දින තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට නියෝග කර තිබුණි.

මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සහ මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු මීග­මුව සහ­කාර පොලිස් අධි­කාරි රත්නා­යක මහ­තාගේ උප­දෙස් මත කටු­නා­යක පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අජිත් නිශ්ශංක මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක මාර­සිංහ, උප පොලිස් පරී­ක්ෂක මොහො­මඩ් නිෂ්මි, පොලිස් සැර­යන් (37371) සුනිල්, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (33249) අනුෂ්ක, (37627) කුමාර, (93015) කරු­ණා­රත්න, (96820) සඳ­මාල් , (100255) සෙනෙ­වි­රත්න සහ (102289) මධු­සංඛ යන මහ­ත්වරු සිදු කර­මින් සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT