හොරණ ශ්‍රී මේධංකර ජාතික පාසල සහ බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලය අතර මහා ක්‍රිකට් ගැටුම මාර්තු මස 31 වැනිදා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Battle of the Raigam Legends යනුවෙන් නම්කර ඇති මෙම මහා ක්‍රිකට් ගැටුමේ පසුගිය වර්ෂයේ තරගය බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කර ඇත.
හොරණ මේධංකර ජාතික පාසලේ විදුහල්පති අරුණ අතුකෝරල මහතාගේ මග පෙන්වීම මත විශ්ව කුඹුකගේ නායකත්වයෙන් යුත් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම ලක්ද ලක්තිලිණ, හසිත් රන්දිනු , නිදුක දේශාන්, උමේශ් කළුබෝවිල, තසිරු රෙහාන්, සෙනාල් තිසර, යසිරු දනංජය, මිනිඳු ගමගේ, , නවෝද්‍ය බණ්ඩාර, විහඟ සංදීප, තුෂර තිලන්ක , තරුක් නෙත්විඳු, චනුල මධුසර, උමේශ් ඉඳුවර , මින්තක මන්විදු, හන්ස දේශාන් ක්‍රීඩකයෝ නියෝජනය කරති.
බණ්ඩාරගම මධ්‍යම හා විද්‍යාලයේ විදුහල්පතිනී ජානකී අතුකෝරල මහත්මියගේ මඟපෙන්වීම මත ඉමන්ත ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම රශ්මික විහඟ, නිශාන් දිනුජය ,සදෙව් පබසර, සංජන දිලංක, සඳරු කාවින්ද, සනුප මන්විදු, කවින් හිරුෂාන්, ඉමන්ත ලක්‍ෂාන් , ඔමාඹ් යසිත්, නිර්මාල අචින්ත, තිසුර සස්මිත, පුන්සර චමින්දු, උදාර ධනංජය , අශේන් ශානුක, අනුද නෙත්සර , ගිහාන් පෙරේරා , මෙවිඳු පැහැසර ක්‍රීඩකයෝ එම කණ්ඩායම නියෝජනය කරති.
අදාළ කණ්ඩායම්වල ක්‍රීඩකයන් ,විදුහල්පතිවරු දෙදෙනා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රීඩා ගුරු භවතුන් සමඟ ඡායාරූපවලින් දැක්වේ