ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහයෝගීතාව මැද කොළඹදී පැවැත්වෙන ෆීෆා සිවුකොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති පැපුවා නිව්ගිනියා හා මධ්‍යම අප්‍රිකානු පිල අතර පැවැති තරගයෙන් මධ්‍යම අප්‍රිකානු පිල ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය. ඒ අනුව මධ්‍යම අප්‍රිකානු පිල සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව හා භූතානය අතර තරගය පුවත්පත මුද්‍රණයට යද්දී ආරම්භ වී නොතිබුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් රුපියල් ලක්ෂ ගණනක් වැයකොට ගෙන්වාගත් පිටරට වෙසෙන ද්විත්ව පුරවැසි පාපන්දු ක්‍රීඩකයින් 14කගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ එකම අපේක්ෂාව වී ඇත්තේ මෙම තරගාවලියේදී පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීමේ 204 වැනි ස්ථානයෙන් ඉහළට පැමිණීම වේ. ඒ සඳහා ඇති එකම අවස්ථාව භූතානය සමඟ තරගය පමණි.
මෙතෙක් පැවැති ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියා අතර තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරවූ අතර, මධ්‍යම අප්‍රිකානු පිල හා භූතානය අතර තරගයෙන් ගෝල් 6-0ක ජයක් මධ්‍යම අප්‍රිකානු පිල ලබා ගත්තේය.