Home » ශ්‍රී ලංකාව වසර 11කට පසු භූතා­නය පර­ද­වයි
ඉඩෝ­ර­යට පොද වැස්සක්

ශ්‍රී ලංකාව වසර 11කට පසු භූතා­නය පර­ද­වයි

පාපන්දු ජය පැන් බිව්වේ වසර 3කට පසු­වයි

by Gayan Abeykoon
March 26, 2024 1:27 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

භූතා­නය ගෝල් 2-0කින් පරා­ජ­යට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ වසර 3කට පසු ජාත්‍ය­න්තර පාපන්දු තර­ග­ය­කදී ශ්‍රී ලංකා නාමය ඉදි­රියේ ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කරයි. අව­ස­න්ව­රට 2021 වසරේ බංග්ලා­දේ­ශය ගෝල් 2-1කින් පරා­ජ­යට පත් කිරී­මෙන් පසු ශ්‍රී ලංකාව ඊයේ ජාත්‍ය­න්තර පාපන්දු සම්මේ­ල­නයේ සහ­යෝ­ගී­තාව මැද කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ෆීෆා සිවු­කොන් ජාත්‍ය­න්තර පාපන්දු තර­ගා­ව­ලි­යේදී මේ ජය­ග්‍ර­හ­ණය වාර්තා කළේය. භූතා­නය අව­ස­න්ව­රට වසර 2015දී ශ්‍රී ලංකාව සමඟ කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී හමුවී ගෝල් 1-0කින් ශ්‍රී ලංකාව පරා­ජ­යට පත්වූ අතර, 2013දී ශ්‍රී ලංකාව විසින් ගෝල් 5-2කින් භූතා­නය පරා­ජ­යට පත් කරන ලදී.

එබැ­වින් වසර 11කට පසු භූතාන පිල ඊයේ ශ්‍රී ලංකාව හමුවේ පසු­බෑ­ම­කට ලක්වීම විශේ­ෂ­ත්ව­යකි. ඊයේ තර­ගයේ පළමු භාග­යේදී ගෝල් වාර්තා නොවූ අතර, 45 වැනි මිනි­ත්තු­වේදී එංග­ල­න්තයේ සිට පැමිණි ඩිලොන් ද සිල්වා හා 54 වැනි මිනි­ත්තු­වේදී ඔස්ට්‍රේ­ලියා – ශ්‍රී ලංකා ද්විත්ව පුර­වැසි ඔලි­වර් ජේම්ස් කෙලාට් ගෝල් වාර්තා කළහ. ශ්‍රී ලංකා – භූතාන තර­ගය නැරැ­ඹී­මට 7000කට ආසන්න පිරි­සක් පැමිණ සිටීම කල­කට පසු පාපන්දු තර­ග­ය­කදී දුටු දුර්ලභ දසු­නකි. ඊයේ පැවැති පැපුවා නිව්ගි­නියා හා මධ්‍යම අප්‍රි­කානු පිල අතර පැවැති තර­ග­යෙන් මධ්‍යම අප්‍රි­කානු පිල ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය. ඒ අනුව මධ්‍යම අප්‍රි­කානු පිල සිය දෙවැනි ජය­ග්‍ර­හ­ණය වාර්තා කිරී­මට සමත් විය.

ඡායා­රූ­පය – සුලෝ­චන ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT